Print this Article


මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතාපදානය සිනමාවට

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ චරිතාපදානය සිනමාවට

1823 පෙබරවාරි මාසයේ දකුණේ මොහොට්ටිවත්තේ උපන් මහා පඬිවර මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමියන්ගේ චරිතාපදානය ශ්‍රී ලංකාවේ අති දැවැන්ත නිෂ්පාදනයන් ලෙස සිංහල සිනමාවට නැගීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ අමරපුර මහානිකායේ මහානායක දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන් ප්‍රකාශ කර සිටියේ ගුණානන්ද හිමියන්ගේ චරිතය සිනමාවට නැගීමෙන් බෞද්ධයනට කරන විශාල මෙහෙවරක් බවයි. බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් කියා සිටියේ ගුණානන්ද හිමියන් යුගයේ අවශ්‍යතාවය ඉටුකරන ලද වීරෝධාර හිමිනමක් වන බවයි. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් හමුවී සිඩ්නි නුවර සරත් කාරියවසම් මහතා ආශිර්වාද ලබාගත් අවස්ථාව.