UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |


සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිත මහා නාහිමිපාණන් වහන්සේගේ 84වන ජන්ම දිනය නිමිත්තෙන් මාර්තු 17වන දා අස්ගිරි විහාරීය විශ්‍රාම ශාලාව අබියස දී තුලාභාර දානමය පින්කමක් පැවැත්විණි. කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි බෞද්ධයා මාධ්‍ය ජාලය මඟින් සංවිධානය කළ එම පින්කමට ප්‍රධාන සම්භාවනීය අමුත්තන් ලෙස සම්බෝධි විහාරස්ථ දායක සභාවේ සභාපති හා රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙන්ම මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වෙල මහතා ද සහභාගී විය.

රුවන්වැලි මහා සෑය අභියස පින්කම් මාලාවක්

මැයි මස 03, 04 දෙදින තුළ රුවන්වැලි මහා සෑ අභියස පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත. ගෞතම බුදුන් වහන්සේගේ ද්‍රෝනයක් පමණ ධාතූ®න් නිදන් කර ඇති රුවන්වැලි මහා සෑය අභියස මැයි 03 වැනිදා තුණුරුවන් ගුණ සටහන් සුවිශේෂී කප්රුක් පූජාවක් ථූපාරාම පින්බිමේ සිට රුවන්වැලි මහා සෑ පින්බිම දක්වා පෙරහැරින් වටතිර, අටපිරිකර, නෙළුම් මල් රැගෙන පැමිණ පූජා කෙරේ.

ඉතිරිය»

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]