UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - අභ්‍යාසය - 3

දහම් පාසල් ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - අභ්‍යාසය - 3

1 කොටස

1.(අ) පූරණ තෙරුන්ට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමි වී ඇත්තේ කවර හේතුවක් නිසාද?

(ආ) ධර්ම විනය පවත්වා ගෙන යාම පිළිබඳව මේ හිමියන් පළ කළ මතය කුමක්ද?

2.(අ) ඒකබ්බෝභාරික නමැති නව නිකාය පැන නැගුණෙ කවර ප්‍රධාන නිකායක් ඇසුරෙන්ද?

(ආ) අභිධර්මය පිළිබඳ විශේෂඥයන් අයත් වූයේ කවර නිකායකටද?

3.(අ) ධර්මාශෝක මහරජතුමා වඩාත් පක්‍ෂපාතිත්වයක් දක්වා ඇත්තේ කවර නිකායකටද?

(ආ) උපගුප්ත හිමියන් අයත් වූ නිකාය කුමක්ද?

4.(අ) ලෝකෝත්තරවාදීන් වෙන් වී ගියේ කවර නිකායකින්ද?

(ආ) මෙසේ බිඳී ගිය නිකායේ අදහස් ඇතුළත් ග්‍රන්ථ මොනවාද?

5.(අ) “මාඝාතය” යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

(ආ) මෙය ප්‍රකාශයට පත් කළ භාරතීය හා ශ්‍රී ලාංකික රජවරු කවරහුද?

6.(අ) ශූන්‍යතා සිද්ධාන්තය කවර නිකාය සම්ප්‍රධායකට අයත් වූවක් ද?

(ආ) මේ සිද්ධාන්තයෙන් හෙළි වන මූලික අදහස කුමක් ද?

7. (අ) බුරුම ජාතික ඡප්පට හිමියන්ට ශ්‍රී‍්‍ර ලංකා ශාසන ඉතිහාසයෙහි වැදගත තැනක් හිමි වන්නේ කවර හේතුවක් නිසාද?

(ආ) මේ හිමියන් බුරුමයේ පිහිට වූ නව නිකාය කුමක්ද?

8(අ) ‘නිව්රෙන් ‘ නිකාය දක්නට ලැබෙන්නේ කවර රටේද?

(ආ) මේ නිකායිකයන් නියම බුදු සමය ලෙස සලකන්නේ කවර ධර්ම සූත්‍රයක්ද?

9.(අ) ධර්මසංගණිියට ලියැවුණු පාලි අටුවා ග්‍රන්ථයේ නම කුමක්ද?

(ආ) සුමංගල විලාසිනියට පාදක වූ ත්‍රිපිටක ග්‍රන්ථය කුමක්ද?

10. (අ) ත්‍රිභංග හෙවත් තිවංක බුද්ධ ප්‍රතිමාවල විශේෂ ලක්‍ෂණය කවරේද?

(ආ) මෙබඳු පිළිමයක නිෂ්ටාවශේෂ දක්නට ලැබෙන්නේ කොතනකදීද?

පිළිතුරු

1.(අ) දක්‍ෂිණගිරි විහාරයේ වාසය කළ ප්‍රබල භික්ෂුවකි. එකසිය විසි වයස් වූ උන්වහන්සේ බුදුරදුන් සියැසින්ම දුටු භික්ෂුවකි.

(ආ) “නුඹ වහන්සේලා ධර්මයත් විනයත් මැනවින් සංගායනා කරන්න ඇති. ඉන් මට වැඩක් නැත. මම බුදුරදුන්ගෙන් ධර්මය හා විනය අසා ඇත්තෙමි. ඒ අයුරින්ම මම පිළිපදිමි “

2.(අ) මහා සාංඝික නිකාය ඇසුරෙනි

(ආ) ප්‍රඥප්ති වාදීන්

3.(අ) ස්ථිවිර වාදයට

(ආ) සර්වාස්තිවාදයට

4.(අ) ඒකව්‍යාවහාරික නිකායයෙන්

(ආ) මහාවස්තුව හා ප්‍රාතිමොක්‍ෂ සූත්‍රය

5.(අ) මහාසාංඝික නිකාය සම්ප්‍රදාය

(ආ) ධර්මාශෝක ,ආමණ්ඩ ගාමණී අභය

6.(අ) මහාසාංඝික නිකාය සම්ප්‍රදාය

(ආ) විෂය ලෝකය හුදු මායාවක් බවත් සසර හා නිවන එකම ගමන් මගේ් දෙකෙළවරක් බවත් පැවසීම

7.(අ) ශ්‍රී ලංකාවේ භික්‍ෂූන්ගෙන් ථෙරවාදිි විනය පිටකය උගෙනීම

(ආ) සීහල සංඝ නිකාය

8.(අ) ජපානයේ

(ආ) සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය

9.(අ) අත්ථසාලිනී

(ආ) දීඝනිකාය

10. (අ) දණහිස, ඉඟටිය හා ගෙල යන තුන් තැනින් සිරුර නැමෙන අයුරින් නිරූපණය කිරීම,

(ආ) පොළොන්නරුවේ

2 (අ) බුරුම රටට බුදු දහම ලැබුනු අයුරු දක්වන්න

වර්තමානයේ මියන්මාර් යනුවෙන්ද බුදු දහම ලැබුනු අවධියේ ස්වර්ණභූමිය යනුවෙන්ද බුරුම රට හඳුන්වා ඇත. බුරුම රටට බුදු දහම ලැබීම පිළිබඳව විවිධ මත පවතී. ඒ මත අතර,

1.තුන්වෙනි ධර්ම සංගාවනාවෙන් පසුව අශෝක රජු දවස සෝණ සහ උත්තර යන දෙනම ස්වර්ණ භූමියට වැඩම කොට බුදු දහම ලබා දුන් බව

2. බුරුමයේ එන පාරම්පරික ජනප්‍රවාදයන්ට අනුව එරටට බුදු දහම ලැබුණේ බුදුරදුන් ජීවත්ව සිටිය දීමය. බුදුරදුන්ට ප්‍රථම දානය පූජා කළ තපස්සු- භල්ලුක වෙළෙඳුන් බුදුරදුන්ගෙන් ලැබුණු කේශ ධාතු රැගෙන යමින් සිංගුත්තර කඳු මුදුනෙහි දාගැබක තැම්පත් කළ බව මෙම ජනප්‍රවාදයෙහි එයි. දැනට ‘ස්වේදගෝන්’ ස්ථූපය නමින් මෙය දක්නට ඇත.

3. දකුණු ඉන්දියාවේ නාගාර්ජුන කොණ්ඩයේ ඇති ශිලා ලේඛනයක ‘තම්බපණ්ණි ප්‍රදේශයේ භික්‍ෂු පිරිසක් කාශ්මීර , ගන්ධාර, විලාත යන රටවල ධර්මය ප්‍රචාරය කළ බවත් එහි සඳහන් ‘විලාත’ යන්න බුරුමය බවත් හඳුනා ගෙන ඇත.

(ආ) බුරුමයේ ශාසන ඉතිහාසය හා බැඳි පවතින කාලපරිච්ඡේද 03 නම කරන්න

පිළිතුර : බුරුමයේ ශාසන ඉතිහාසය ඉගෙනීමේ පහසුව සලකා කාලපරිච්ඡේද 03 කට බෙදා දක්වා ඇත. එනම්

1.ආරම්භයේ සිට ක්‍රි.ව. 10 වන සියවස දක්වා වු පුරාතන යුගය

2.11 වන සියවසේ සිට 15 වන සියවස දක්වා වු මධ්‍යතන යුගය

3.16 වන සියවස මේ දක්වා වූ නූතන යුගය නමිනි.

(ඉ) අනවරත රජු, ධම්මචේතිය රජු, මෙත්දුන් රජු යන බුරුම රජවරුන්ගෙන් එරට බුදු දහමේ ව්‍යාප්තියට සිදුවූ සේවාවන් ගෙන හැර දක්වන්න.

පිළිතුර : ඉතිහාසගත කරුණු අනුව බුරුම රටේ බුදු දහම ස්ථිරව පිහිටියේ ක්‍රි.ව. 11 වන සියවසේදී පමණය. පගාන් නුවර කේන්ද්‍රස්ථානය කරගෙන අනවරත රජු හෙවත් අනුරුද්ධ රජතුමා පාලනය ගෙන ගියහ. ඔහුගේ කාලයේ බුදු සමය පිරිහීමට පත්ව තිබුණි. මේ වන විට ප්‍රාදේශීය පාලකයෙකු වු මනෝහරි නම් රජු වෙත සර්වඥ ධාතු හා ත්‍රිපිටක ග්‍රන්ථ රැසක්ම පැවැති අතර එම පොත්පත් ආදිය ඔහුගෙන් ලබා ගන්නා ලෙස ෂින් අරහන්ත භික්‍ෂූව රජුගෙන් ඉල්ලා සිටියහ. රටපුරා අලංකාර දාගැබ් (පැගෝඩා) ඉදි කළහ. උත්තරජි හා චප්පට යන භික්‍ෂූන් ලංකාවට එවා ත්‍රිපිටක ධර්මය පුළුල් ලෙසින් අධ්‍යයනය කරනු ලැබීය. මෙම භික්‍ෂූන්ගේ මැදිහත්වීමෙන් සීහල සංඝ නමින් භික්‍ෂු පරපුරක්ද ආරම්භ කළහ.

අනවරත රජු මෙන්ම බුරුමයේ ක්‍රි.ව. 15 වන සියවසේ මැද භාගයේදි පමණ රාජ්‍යත්වයට පත් ධම්මචේතිය රජු බුදු සමයේ උන්නතියට ක්‍රියා කළ අයෙකි. බුරුම රටෙහි උපසම්පදා භික්‍ෂූන් නොවූයෙන් එවකට ලක්දිව පාලකයා වූ කෝට්ටේ iv වන බුවනෙකබාහු රජුගේ අනුග්‍රහයෙන් බුරුමයෙන් පැමිණි භික්‍ෂූ පිරිසක් උපසම්පදාව ලබා එරටට ගොස් කල්‍යාණි සීමා යනුවෙන් පොහොය ගෙයක් කරවා බුරුම භික්‍ෂූන් එහිදී උපසම්පදා කරනු ලැබීය.

මෙන්ඩුන් රජුගේ රාජ්‍ය සමයද වැදගත් කාල පරිච්ඡේදයකි. බුරුම බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙසද මෙම කාලය හඳුන්වනු ලැබේ. iv වන සංගායනාව ඔහුගේ කාලයේදී පවත්වන ලදී. සංශෝධිත ත්‍රිපිටකය කිරිගරුඬ පුවරු 723 ක කොටවා ලෝක මාරජි ස්ථූපය වටා තැම්පත් කරවීය. මෙම රජවරුන්ගෙන් බුරුම බෞද්ධ ඉතිහාසයට මෙවැනි සේවාවන් ඉටු වී ඇත.

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]