Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අපේ මාතෘභූමියට එරෙහිව ජිනිවා නුවර දී සිදු කෙරෙන කුමන්ත්‍රණයන් පරාජය කර ආසියාවේ ආශ්චර්යය කරා රට ගෙනයාම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයට ආශිර්වාද පළ කරමින් සහ රටට සෙත් පතමින් මාතර දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය දහසකගේ සහභාගිත්වයෙන් ජය පිරිත් දේශනයත් මාතර දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී පසුගිය 25 වැනි දා පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා අතින් පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්‍ෂුවක් වෙත උපකරණ ලබා ගැනීමට අදාළ ආධාර පිරිනැමූ අයුරු.
ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

බෙලිඅත්ත කහවත්ත රාජමහා විහාරාධිවාසී, බොරැල්ල සුසමයවර්ධන මහා විද්‍යාලයේ හිටපු චිත්‍ර කලා උපදේශක කොළඹ 08 පැල්පොල විපස්සි පදනමේ කලා අධ්‍යක්‍ෂ, සපුගස්කන්ද රජමහා විහාරස්ථ ශ්‍රී ගුණරතන කලායතනයේ චිත්‍ර උපදේශක – ලලිත කලාවේදී පල්ලත්තර චූලානන්ද හිමියන් විසින් රචිත මුල්ගිරිගල බිතුසිතුවම් ගීතයේ “ගී සිතුවම්” මුල් පිටපත් පිළිගැන්වීම නොබෝ දා ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමයේ දී සිදු කෙරිණි. මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, මහෝපාධ්‍ය, අග්ගමහා පණ්ඩිත, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමියන් වෙත එම ග්‍රන්ථය පිළිගැන් වූ අයුරු.

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක හා රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපතිව වැඩසිටි රාජකීය පණ්ඩිත, සාහිත්‍යසූරී, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය අත්තුඩාවේ සිරි රාහුල මහා නා හිමි දෙවර්ෂ පූර්ණ ගුණසමරු පින්කම් මාලාවක් පසුගියදා දොඩම්පහළ ශ්‍රී සුභද්‍රාරාමයේ දී පැවැත්වුණි. එහි දානමය පින්කම අවස්ථාවේ දී ගොම්බද්දල ශ්‍රී නන්දාරාමාභිධාන ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නාහිමි අනුශාසනාව පැවැත් වූ අයුරු.