Print this Article


සියවස් සමරු කලා උළෙල 30 දා

සියවස් සමරු කලා උළෙල 30 දා

කොළඹ 10 මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාමය ආරම්භ කර මේ වසරේ මැයි 05 වැනි දිනට සිය වසරක් සපිරේ.

ඒ වෙනුවෙන් පැවැත්වෙන උත්සව හා පින්කම් මාලාවේ එක් අවස්ථාවක් ලෙස සියවස් සමරු කලා උළෙල මාර්තු 30 වැනි ඉරිදා පස්වරු 3.00 සිට 6.00 දක්වා මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාම ධර්ම ශාලාවේදී පැවැත්වේ.

විහාරස්ථාන ඉතිහාසය, සේවා හා වැදගත් සිද්ධීන් සම්බන්ධ කලා අංගයන් ඉදිරිපත් කරන ප්‍රසංග කලා උළෙලක් ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ ගුරු භවතුන් සහ සිසුන් එක්ව පවත්වනු ලබයි.