Print this Article


බුදුන් සරණ ගිය ප්‍රේතයෝ දොරට වැඩීම අප්‍රේල් 6 දා

බුදුන් සරණ ගිය ප්‍රේතයෝ දොරට වැඩීම අප්‍රේල් 6 දා

මාධ්‍යවේදී හලලියේ කරුණාතිලක සූරීන් සති අන්ත ජාතික පුවත්පතකට ලියූ ප්‍රේත වස්තු කතා මාලාව ඇසුරින් සම්පාදිත ‘බුදුන් සරණ ගිය ප්‍රේතයෝ’ බෞද්ධ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය අප්‍රේල් 6 ඉරිදා උදේ 10.00 ට මහරගම, නාවින්න, දේවානන්ද පාරේ පිහිටි 10/7, සාහිත පොත් පියසේ දී දොරට වඩී.

මහරගම නාවින්න සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශයක් වන මෙම ග්‍රන්ථයෙන් ඛුද්ධක නිකායේ ප්‍රේත වත්ථු කතා නූතන බසින්, සරලව, රසවත්ව ඉදිරිපත් කර ඇත. මේ යටතේ මහ මොග්ගල්ලාන, ශාරිපුත්ත, මහා කාශ්‍යප හා සංකිච්ච ආදී මහ රහතන් වහන්සේලාට මෙන්ම නාරද මහ තෙරුන් ප්‍රමුඛ බුදු පිරිසට මුණගැසුණ ප්‍රේතාත්ම රැසක් විස්තර කර තිබේ. සතර අපායෙන් එකක් වන ප්‍රේත ලෝකයේ ඇති බියකරු හා දුක්බර බව කදිමට කියාපාන මෙය හලලියේ කරුණාතිලක සූරීන්ගේ අලුත් ම ග්‍රන්ථය වේ.