Print this Article


ශ්‍රී මහ බෝධිය අභියස අලුත් සහල් මංගල්‍යය

ශ්‍රී මහ බෝධිය අභියස අලුත් සහල් මංගල්‍යය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස අප්‍රේල් මස 10 – 11 දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබූ 2014 අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 02 – 03 දිනයන් හී පැවැත්වෙන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් යන මහත්වරු ඇතුළු රජයේ, පළාත් සභා නගර සභා ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන් ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වේ. (02 වැනි දා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද පැවැත්වේ)

03 වැනි දා පෙරවරු 7.30 අලුත් සහල් පාත්‍ර, රැගත් ගොවි ගෙවිලියන් අනුරාධපුර සිංහ කණුව ප්‍රදේශයේ සිට ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ දර්ශනීය පෙරහරකින් පැමිණ මහ බෝ මළුවට ළඟාවනු ඇත. අනතුරුව - අටමස්ථානාධිපති නා හිමියන් ජනාධිපතිතුමා, උතුරු මැද, පළාත් ආණ්ඩුකාර, ප්‍රධාන අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ඇතුළු මැති ඇමැතිවරු ප්‍රථමයෙන්ම මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බෝ මළුවේ විශේෂ මණ්ඩපයක තැන්පත් කර ඇති රන්වන් මහා පාත්‍රය අලුත් සහලින් පුරවනු ඇත.

මෙදින දහවල මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිළිගැන්වීමෙන් අනතුරුව 2014 ජාතික අලුත් සහල් මංගල්‍යය නිමාවට පත්වේ.