UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාවිත්තර සිරි සරණපාල දහම් පාසල

මාවිත්තර සිරි සරණපාල දහම් පාසල


ප්‍රධානාචාර්ය ගැටමාන්නේ හේමාලෝක හිමි සමඟ ආචාර්ය මණ්ඩලය

උප ප්‍රධානාචාර්ය ඇඹීලිපිටියේ රතනජෝති හිමි සමඟ ශිෂ්‍යය නායක නායිකාවෝ

පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ විහාරාධිපති කොළඹ සල්පිටි කෝරළයේ අධිකරණ සංඝනායක කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය ශාස්ත්‍රපති ගැටමාන්නේ හේමාලෝක නාහිමියන්ගේ සංකල්පයකට අනුව කැස්බෑව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් මාවිත්තර ග්‍රාමයෙහි සිරි තිසරණ ධර්මායතනය 2012 දෙසැම්බර් මස 05 වන දින සිරි සරණපාල දහම් පාසල ආරම්භ කරන්නට යෙදුණාහ.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 251 දෙනෙකුගෙන් ඇරැඹි මෙම ධර්ම විද්‍යාලය දැනට ශිෂ්‍ය සංඛ්‍යාව 475 ක් දක්වා වර්ධනය කරගෙන ඇති බව පුරා වසර 12 ක් සපිරෙන මේ මොහොතේ සතුටින් සඳහන් කරමු.

මෙම ධර්ම විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමි වූ ශාස්ත්‍රපති ගැටමාන්නේ හේමාලෝක නාහිමියන්ගේ ගිහි නාමය වන සිරි සරණපාල නමින් මෙම දහම් පියස නම්කර ඇත්තේ උන්වහන්සේට ගෞරව බුහුමන් වශයෙනි.

වර්තමානයේ ගුරු මඩුල්ලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති ගැටමාන්නේ හේමාලෝක නාහිමි සහ උප ප්‍රධානාචාර්ය ඇඹිලිපිටියේ රතනජෝති හිමියෝ වෙති.

ගුණ දහමින් පෝෂිත වූ දූ දරු පරපුරක් අනාගතයට දායාද කිරීමේ උතුම් අරමුණින් යුතුව පවත්වාගෙන යනු ලබන මෙම ධර්ම විද්‍යාලයේ වත්මන් ගුරු මඩුල්ල පැවිදි ගිහි ප්‍රභූ®වරුන් 21 දෙනෙකුගෙන් සමන්විතය.

මූලික ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා ශ්‍රේණි පවත්වාගෙන යනු ලබන අතර වාර්ෂිකව කැස්බෑව ශාසනාරක්‍ෂක බල මණ්ඩලය මගින් පවත්වන අන්තර් දහම් පාසල් තරගාවලින්ට සහභාගි වෙමින් ජයග්‍රහණ හිමිකර ගෙන ඇති බවද මෙහිලා සඳහන් කරන්නේ හද පිරි සතුටිනි.

දූ දරුවන්ගේ නිර්මාණ කුසලතා ඔප් නැංවීම සඳහා තිසරණ සරණ බෞද්ධ පුවත්පත හා බිත්ති පුවත්පත පවත්වාගෙන යාම වයස අවුරුදු 3 ළදරුවන් දහම් අධ්‍යාපනයේ නියැළීම සීල සමාදාන වැඩසටහන් ක්‍රියාත්මක කරවීම කථික, ගාථා ගායනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සන්නිවේදන හැකිවාවන් ඔප් නැංවීම පබසර පුස්තකාලය හරහා කියවීමේ පළපුරුද්ද ඇති කිරීම ආදි විවිධ වැඩසටහන් රාශියක් මේ සිසුන්ගේ කුසලතාවන් වර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වේ.

ශාස්ත්‍රපති ගැටමාන්නේ හේමාලෝක නාහිමියන්ගේ උදාර සංකල්පයකට අනුව උන්වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් ධර්ම විද්‍යාලය ආරම්භයේ සිටම මේ දක්වා සිසුන් වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීම අගය කළ යුතු වේ.

ප්‍රද්ශයේ දූ දරුවන්ගේ ගුණ නුවණ දියුණු කිරීමේ සහ දහම් දැනුම වර්ධනය කිරීමේ උතුම් පරමාර්ථයෙන් සමස්ත වැඩසටහන් ක්‍රියාත්මක කරනුයේ මෙම ධර්ම විද්‍යාලයේ උප ප්‍රධානාචාර්ය සිරි තිසරණ ධර්මායතනයේ විහාරාධිපති කැස්බෑව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකඛාධිකාරි ඇඹිලිපිටියේ රතනජෝති ස්වාමීන් වහන්සේය.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]