Print this Article


බුදුසරණ - මොහාන්ලාල් ග්‍රේරු පදනම ඒකාබද්ධ භික්‍ෂු ඉංගී‍්‍රසි අධ්‍යාපන ව්‍යාපෘතිය

බුදුසරණ - මොහාන්ලාල් ග්‍රේරු පදනම ඒකාබද්ධ භික්‍ෂු ඉංගී‍්‍රසි අධ්‍යාපන ව්‍යාපෘතිය

බුදුසරණ පුවත් පත සහ මොහාන් ලාල් ග්‍රේරු පදනම ඒකාබද්ධව භික්‍ෂූන් වහන්සේගේත් සිල් මාතාවන් සහ බෞද්ධ සැහැදැවතුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් බුද්ධ ධර්ම අධ්‍යයනය කිරීම පහසු කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ලිපි මාලාව මාර්තු 24 වනදා මැදින් අව අටවක පෝදා පත්‍රයේ සිට පළ කැරේ.

මුල සිට සරලව ඉදිරිපත් කෙරෙන එම ලිපි මාලාව අඛණ්ඩව එකතු කොට පරිශීලනය කිරීමටත් සෑම මසකදීම පැවැත්වෙන ප්‍රායෝගික පුහුණු වැඩසටහනක දී ලිපි ආශි‍්‍රතව පැන නගින ගැටලු නිරාකරණය කර දීමටත් එම වැඩසටහන යටතේ සැලසුම් කර ඇත.

බොහෝ බෞද්ධ සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි ගිහි ඔබට ද මෙම වැඩසටහන සමග එක්විය හැකි අතර මෙතෙක් ඒ සඳහා අයැදුම් කොට නොමැති නම් මහා සංඝරත්නයටත්, සිල් මාතාවනට සහ බෞද්ධ උපාසක උපාසිකාවනට වයස් හෝ අධ්‍යාපන භේදයකින් තොරව මේ සඳහා ඇතුළත් විය හැක. ඒ සඳහා සතියේ දිනයන්හි පෙරවරු 10.00 ප.ව. 2.00 ත් අතර දුරකථන අංක 0777931999 අංකය ඇමතීමෙන් විස්තර ලබාගත හැකිය.