Print this Article


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය 2014

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය 2014

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2014 ජූනි මස 05,06,07,08 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී හා උපසම්පදාපේක්ෂක නේවාසික පුහුණුව 2014 මැයි මස 24, 25 යන දිනවල මාකන්දන ශ්‍රී සුදර්ශනාලංකාර මහා විහාරස්ථානයේදී පැවැත්වේ.

මෙවර උපසම්පදාව සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සංඝ සභාවට අයත් ස්වාමින්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම් පත් සම්පූර්ණ කර 2014 මැයි මස 01 දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටිමු. නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම් පත් පාර්ශවය භේදයකින් තොරව ගෙන අවසාන දිනයේදී උපසම්පදාව සඳහා යොමු කරනු ලැබේ.

නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී මහා චෙතියාරාමය, කිදෙල්පිටිය, වැල්මිල්ල හන්දිය, බණ්ඩාරගම යන ලිපිනයෙන් හෝ ඒ ඒ පාර්ශවයන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර හිමියෝ නිවේදනය කරති.