Print this Article


සාමිස සුවයෙන් නිරාමිස සුවයට නිවනට මග - 2 (බෞද්ධ ග්‍රන්ථය)

සාමිස සුවයෙන් නිරාමිස සුවයට නිවනට මග - 2 (බෞද්ධ ග්‍රන්ථය)

වේවැල්දෙණිය ආරණ්‍ය සේනාසනාධිපති සමථ විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පොල්ගහවෙල මිතභාණි හිමියන් ලියූ “සාමිස සුවයෙන් නිරාමිස සුවයට” (නිවනට මග - 2) බෞද්ධ ග්‍රන්ථය මාර්තු 03 සඳුදා සවස 3.00 ට ගාල්ල, වලහන්දූව උපනන්ද විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී දොරට වඩී.

මහරගම, නාවින්න සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශයක් වන මෙම ග්‍රන්ථයෙන් සෑම දෙනාගේ ම ජීවිත ආලෝකමත් කර ගැනීමට අවැසි වන ධර්ම කාරණා රැසක් ඉතා සරලව විස්තර කර තිබේ.

දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ගාලුකොටුවේ ධම්මවංශ නාහිමි සහ ඌරගස්මංහන්දිය වයෝවෘද්ධ භික්‍ෂු විහාරාධිපති දිවුල්ගස්පිටියේ ධම්මතිලක හිමි ඇතුළු ගිහි පැවිදි විද්වත් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වේ.