Print this Article


රටට ජාතියට පරිසරයට සෙත් පතා පිරිත් පින්කම

රටට ජාතියට පරිසරයට සෙත් පතා පිරිත් පින්කම

මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කර වසර 33ක් පිරීම නිමිත්තෙන් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බත්තරමුල්ල ආයතන පරිශ්‍රයේ දී පිරිත් පින්කමක් පැවැත්විණ. මධ්‍යම පරිසර අධිකාරියේ, සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ සහ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් එම පින්කම පැවැත්විණ.

මධ්‍යම පරිසර අධිකාරියේ, හිටපු සභාපතිවරුන්, අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් සමඟ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් එම පුණ්‍යකර්මයට සහභාගී වූහ.

මහා සංඝරත්නය අලංකාර පෙරහරකින් විහාරස්ථානයේ සිට මධ්‍යම පරිසර අධිකාරිය දක්වා පා ගමනින් වැඩමවන ලද්දේ සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ මහතා විසිනි. වැලිගම කෝරළය ඇතුළු ගාලු පළාතේ සංඝනායක, බත්තරමුල්ල ශ්‍රී විජය සුමනාරාමය ඇතුළු සිව්මහා විහාරාධිපති, වල්ගම සෝමාලෝක නාහිමි විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යක්‍ෂ, සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන සංස්කාරක, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි විසින් මුලසුන හොබවනු ලැබූහ. එම අවස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරුන් වන මහාචාර්ය විමලධර්ම අභයවික්‍රම, උදය ප්‍රභාත් ගම්මන්පිල, තිලක් රණවිරාජා යන මහත්වරුන් සහභාගි වූ අතර මානෙල් ජයමාන්න, මර්වින් ගුණසේන, පසන් ගුණසේන යන අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් ද එම පුණ්‍යකර්මය සඳහා සහභාගි වූහ. එම පින්කමට අදාළ සියලු කටයුතු මධ්‍යම පරිසර අධිකාරියේ, නිලධාරි මණ්ඩලය සමඟින් සුබසාධක සංගමයේ සභාපති ගාමිණී ප්‍රේමතිලක මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරිණ.