Print this Article


කුලියාපිටිය ශ්‍රී නන්දනාරාමයේ පින්කම් මාලාවක්

කුලියාපිටිය ශ්‍රී නන්දනාරාමයේ පින්කම් මාලාවක්

කුලියාපිටියේ වළකුඹුරුමුල්ල ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ දී පෙබරවාරි 23වැනි දා දක්වා, 84000 පහන් පූජා හා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික හා නථ විහාරාධිපති ඉලිප්පදෙණියේ සීවලී නා හිමියන්ගේ අනුශාසනා පරිදි හා විහාරාධිකාරී අතුරුගිරිය අනුරුද්ධ හිමියන්ගේ මඟ පෙන්වීම මත වළකුඹුරුමුල්ල ගම්වාසීන් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනේ ධර්ම දේශනා පවත්වනු ලබනුයේ 22වැනි දා මාවරලේ භද්දිය හිමියන්, 23වැනි දා අක්මීමන ධම්මපාල හිමියන් විසිනි.