Print this Article


නවකෘත ආනන්ද විහාර මන්දිරයේ ප්‍රථම පුෂ්ප පූජෝත්සවය

නවකෘත ආනන්ද විහාර මන්දිරයේ ප්‍රථම පුෂ්ප පූජෝත්සවය

මීට වර්ෂ 45 කට පෙර විවෘත කරන ලද කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ප්‍රතිශ්ඨාපිත, බෞද්ධ අධ්‍යාපනයේ සංකේතයක් බඳු වූ ආනන්ද විහාර මන්දිරයේ නවීකරණ කටයුතු නිමවා නැවතත් පොදු ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර කිරීමේ ප්‍රථම පූජෝත්සවය මාර්තු 04 වන දා පස්වරු 4.00 ට පැවැත්වේ.

රුපියල් ලක්‍ෂ 300 කට ආසන්න මුදලක් වැයකොට සිදුකළ එම ව්‍යාපෘතියේ කටයුතු කෙටි කලෙකින් සම්පූර්ණ කිරීමට හැකිවූයේ වර්තමාන සහ ආදි ආනන්දීයන්ගේ නොමසුරු දායකත්වය නිසා ය. එහි සියලු කටයුතු මෙහෙයවන ලද්දේ කොළඹ නවකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ විශ්‍රාමලත් සහකාර විදුහල්පතිවරයකු වූ දිවියාගහ යසස්සී නාහිමි සහ ආනන්දයේ වර්තමාන විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතාගේ අනුශාසකත්වයෙන් ආදි ආනන්දීය බෞද්ධ සංගමය ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය මඟිනි.

අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිතාභිධාන මහානා හිමි ප්‍රමුඛ තෛ‍්‍ර නිකායික ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ද, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහ ලාෆ් ගෑස් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂක තිලක් ද සිල්වා මහතාගේ විශේෂ සහභාගීත්වයෙන්, ආනන්ද විහාර මන්දිරයේ දී ප්‍රථම පුෂ්ප පූජෝත්සවයක් පැවැත්වේ.