UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

අභිනවයෙන් පසුගියදා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති තනතුරට පත් වූ පානදුර කෙසෙල්වත්ත ශ්‍රී බෝධිරාජාරාමය, වලාන බෞද්ධාරාමය සහ කතරගම කඳසුරිදුගම විහාර මහාදේවි යන විහාරාධිපති වූ කොබවක ධම්මින්ද හිමියෝ එම විහාරාධිපති ධුරය හිමිවීමෙන් පසු උන්වහන්සේ කෙසෙල්වත්ත ශ්‍රී බෝධිරාජාරාමයේ පිළිගැනීමේ උත්සවයට වැඩම කළ අවස්ථාවේ කෙසෙල්වත්ත ශ්‍රී පූර්වාරාමයට ද ගොස් එහි විහාරස්ථානාධිපති දැල්තර ඥාණසීහ හිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්හ.
- වාද්දූව සමූහ, එස්.ආර්. පියදාස

කඩවත ව්‍යාපාරික සංගමය වාර්ෂිකව පවත්වනුලබන පිණ්ඩපාත දානය 2014 වර්ෂය වෙනුවෙන්ද පසුගිය දා පැවැති අතර කඩවත බෝධීන් වහන්සේ අභියසට පා ගමනින් වැඩම කළ 100 නමක් භික්‍ෂූන් වහන්සේ උදෙසා ව්‍යාපාරික සංගමයේ සාමාජික සාමාජිකාවන් පිණ්ඩපාත දානය පූජා කළ අවස්ථාව. ඡායාරූපය – විජය ශ්‍රී ගම්මන කඩවත විශේෂ

වත්තල, හැඳල, අල්විස් නගරය චිත්තසමාධි භාවනා මධ්‍යස්ථානයේ ඉදිකිරීමට නියමිත ගෞතම මුණි වෙහෙර, සැතපෙන පිළිමය ධාතු මන්දිරය, ගණ්ඨාර කුළුන සඳහා මුල්ගල් තැබීම පසුගිය 16 වැනි දා සිදු කෙරිණි. ගැවිලිපිටියේ රතනරංසි හිමියන්ගේ අනුශාසනා පරිදි ගැවිලිපිටියේ පඤ්ඤාරංසිතිස්ස අනු නා හිමියන් විසින් මුල්ගල තැබූ අයුරු.

කොළඹ 10 මරදාන ශ්‍රී මහින්දාරාමය ගාල්ල දඩල්ල මහමුදලින්දාරාමය ඉහළ පුළියන්කුලම ශ්‍රී මහින්දාරාමය විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රත්ගම සුමනජෝති නා හිමි, රත්ගම සුමනවංස නා හිමි, තුඹේ සෝරත නා හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලාටත් විහාරත්‍රයේ මියගිය සියලු දායක පින්වතුන්ටත් පින් අනුමෝදන් කිරීමේ වාර්ෂික පින්කම මෙවර අමරපුර සිරිසද්ධම්ම වංස මහා නිකායේ මහානායක අහුංගල්ලේ සිරි සීලවිසුද්ධි මහ නා හිමියන්ගේ විහාරස්ථානයක් වන ත්‍රිකුණාමලය ගෝමරංකඩවල රංගිරි උල්පත රාජ මහා විහාරස්ථානයේදි ඉහත සදහන් විහාරස්ථාන වල විහාරාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාපලානේ ධම්මාලෝක නා හිමියන්ගේ අනුශාසනය සහ දායකත්වයෙන් ත්‍රිකුණාමල ප්‍රදේශයේ සියලු විහාරස්ථානවලින් වැඩම කළ සියක් නමක් මහා සංඝරත්නයට අටපිරිකර සියයක් සහිත පිරිකර සහිත දාවල දානය පිරිනැමීමත් රංගිරි උල්පත ප්‍රදේශයේ පවුල් සඳහා වියළි ආහාර බෙදාදීමත් ගෝමරංකඩවල සහ රංගිරි උල්පත පාසල් දෙකක්වන පුලියන්ඩිකුලම සහ විල්පනාකුලම පාසල්වල ළමයින්ට පොත්පත් බෙදාදීමත් ජනවාරි 21 වෙනි දින මාපලානේ ධම්මාලෝක හිමියන් විසින් සිදු කරනු ලැබූ අයුරු.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයට අයත් හාල්අටුතැන්න ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ ශ්‍රී පේමානන්ද දහම්පාසලේ 2013 දහම් පාසල් සිසු නිපුණතා තරගයේ ජයග්‍රාහකයන්ට හා සිසුන්ට ත්‍යාග හා සහතික පිරිනැමීම විහාරස්ථ ධර්ම ශාලාවේදී සිදුවිය.එහිදී ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි සොරගුණේ පඤ්ඤාවාස හිමියන් අතින් ශිෂ්‍යාවකට ත්‍යාග හා සහතික පිරිනැමූ අයුරු. ඡායාරූපය :- හල්දුම්මුල්ල සමූහ– සිරිල් සෙනෙවිරත්න

 
 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 06 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.35 ට ලබයි.07 වැනි දා සිකුරාදා අපරභාග 01.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]