Print this Article


රටටත් පරිසරයටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් දේශනයක්

රටටත් පරිසරයටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් දේශනයක්

රටවැසි සැමට හා පරිසරයට සෙත්පතා මෙම 07 වන දා සර්ව රාත්‍රික පිරිත් දේශනයක් හා පසුදින මහා සංඝරත්නය උදෙසා හීල් දානමය පින්කමක් පැවැත්වීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු සංවිධානය කර ඇත. අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ හා කොරාඹේ විජය සුමනාරාමාධිපති වල්ගමසෝමාලෝක නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් පිරිත් දේශනාව පවත්වනු ලැබේ. හීල් දානය මහා සංඝරත්නය 33 නමක් උදෙසා පවත්වනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවා වසර 33 ක් පිරීම නිමිතිකොට ගෙනය. මධ්‍යම පරිසර අධිකාරියේත් එහි කාර්ය මණ්ඩලයේත් දායකත්වයෙන් පවත්වනු ලබන මෙම පින්කම එම අධිකාරියේ සුබසාධක සංගමය විසින් සංවිධානය කර ඇත.