Print this Article


රුවන්වැලි මහා සෑ වන්දනාව 8 වන දා

රුවන්වැලි මහා සෑ වන්දනාව 8 වන දා

අනුරාධපුර රුවන්මැලි මහා සෑය නෙළුම් මල් ලක්‍ෂ 2කින් සරසා වන්දනා කිරීම ඇතුළු පින්කම් මාලාවක් මෙම මස 8 වැනිදා සිදු කැරේ. මහා සංඝරත්නයට දානමය පින්කමක් ද සුවඳමය පූජාවක් ද සදහම් දේශනාවක් ද රුවන්මැලි මහා සෑයේ පහළ මළුවේ පැවැත්වීමට සූදානම් කර තිබේ.

මහරහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාව යටතේ සතර අපායෙන් මිදීම අරමුණු කරගත් සුමධුර දහම් දෙසුමක් ද පැවැත්වීමට නියමිතය.