Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ හැව්ලොක් පාර සාම විහාර පරිශ්‍රය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පසුගිය 24 වැනි දා විවෘත විය. එම අවස්ථාවට දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නා හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, සාම විහාරාධිපති ශාස්ත්‍රපති අතපත්තුකන්දේ ආනන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද එම අවස්ථාවට සහභාගි වූහ. එහිදී ජනාධිපතිතුමා විසින් බුද්ධ වන්දනාවට සහභාගි වූ අවස්ථාව. ඡායාරූපය - සුදත් සිල්වා

ප්‍රදේශවාසීන්ගේ ආධාර සහ ශ්‍රමදායකත්වයෙන් නැ‍ෙගනහිර නිල්පනාගොඩ ඉදිකරන ලද නව ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදුවිය. ඒ නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් දේශනයක් සහ දානමය පින්කමක් අලුතෑපොළ රාජමහා විහාරාධිපති කැදලගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රජාශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ පිරිත් දේශනයට සවන්දීමට පැමිණි සැදැහැවතුන්ගෙන් පිරිසකි.