Print this Article


හොරණ රජමහා විහාරස්ථානයේ නවම් මහා පින්කම

හොරණ රජමහා විහාරස්ථානයේ නවම් මහා පින්කම

හොරණ රජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත හොරණ පඤ්ඤාසේකර නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂිකව පවත්වනු ලබන හොරණ නවම් මහා පින්කම් මාලාව 28 වන වරටත් පැවැත්වීමට නවම් පින්කම් කමිටුව, විහාරස්ථ සදර්ථ රිවිදින දහම් පාසල, ශ්‍රී පුරාණාර්ථ උපාසිකා සමිතිය කටයුතු යොදා ඇත.

මෙවර පින්කම සඳහා ප්‍රධාන වශයෙන් අරමුණු වී ඇත්තේ රෝගාතුර වී සිටින හොරණ රජමහා විහාර භාරකාර කොබවක සීවලී හිමිට නිරෝගි සුවය ප්‍රාර්ථනා කිරීම, විහාරාධිපති, හිමියන්ට දීර්ඝායුෂ පැතීම හා රට වැසියන්ට සෙත් පැතීමටයි.

පෙබරවාරි 01 දා සිට 15 දක්වා පැවැත්වෙන මෙම පින්කම් මාලාව වෙනුවෙන් ගිලන්පස සහිත මුතුකුඩ පෙරහර, සත්බුදු පූජා, අටවිසි පූජා සහ මහාබෝධි පූජා පැවැත්වෙන අතර දිනපතා ධර්ම දේශනා සඳහා වැල්ලගිරියේ විමලසාර, හබුරුගල අතුලසිරි, හොරණ ජිනානන්ද, කලත්තෑවේ පියදස්සි, ඉත්ත පානේ අමිත, ලෙනව මංගල, නියංගම රතනසිරි, හොරණ යසස්සි, නුගගොල්ලේ සෝමරතන, දඩගොල්ලේ පදුමසිරි, පරගස්තොට සුධම්ම යන හිමිවරුන් ඇතුළු හොරණ පඤ්ඤාසේකර, යටිගම්පිටියේ ශ්‍රී ඤාණාලෝක නා හිමිවරු වැඩම කරවීමට කටයුතු යොදා ඇතැයි හොරණ නවම් පින්කම් කමිටුවේ ලේකම් කීය.