Print this Article


නොමිලේ පැවැත්වෙන චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව

නොමිලේ පැවැත්වෙන චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන් චිත්තාභ්‍යස සංවර්ධන උපදේශක උතුරාවල ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් 2014 වසර සඳහා චිත්තාභ්‍යාස (සතර සතිපට්ඨාන භාවනා) සංවර්ධන පුහුණු පාඨමාලාව ජනවාරී 04 දා ඇරැඹේ.

සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 9.00 සිට 01.00 දක්වා කැලණිය හිඹුටුවැල්ගොඩ සුදර්ශන මාවතේ අංක 738/1 චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති” ප්‍රධාන ධර්මශාලාවේ දී මෙම පාඨමාලාව නොමිලේ පැවැත්වේ. සතර සතිපට්ඨාන භාවනාව සරලව පැහැදිලිව පියවරෙන් පියවරට ප්‍රායෝගිකව උගන්වනු ලැබේ. ඊට ගිහි පැවිදි ඕනෑම අයෙකුට සහභාගි විය හැකි බව එම පාලක සභාව දන්වා සිටියි.