Print this Article


ගාලු දිස්ත්‍රික්කයේ පිරිවෙන්පති හිමිවරුන්ගේ පුහුණු වැඩමුළුව

ගාලු දිස්ත්‍රික්කයේ පිරිවෙන්පති හිමිවරුන්ගේ පුහුණු වැඩමුළුව

ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා කොටපොළ අමරකිත්ති හිමිගේ අනුශාසනා පරිදි ‘ධර්ම විරාජ නිකේතන භාරය’ ආරම්භ කොට ඇත. ඒ මඟින් මේ වන විට අම්පාර, මොනරාගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල පරිවේණාධිපති හිමිවරුන් සහ කෘත්‍යාධිකාරී හිමිවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් පවත්වා ඇත. මීළඟ පුහුණු වැඩසටහන ජනවාරි 19 දින ඇරැඹුණු අතර එය මෙම 24 දින දක්වා ගාලු දිස්ත්‍රික්කයේ පරිවේණාධිපති හිමිවරුන් සඳහා පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ ද අනුග්‍රහය ඇතිව, ‘කළුතර කටුකුරුන්ද ශාන්ත සෙබස්තියන්’ මාවතේ පුහුණු මධ්‍යස්ථානයේ දී මෙම නේවාසික වැඩමුළුව පැවැත්වේ.