Print this Article


බුදුසරණ පුවත්පත බෙදාදීමක්

බුදුසරණ පුවත්පත බෙදාදීමක්

හික්කඩුව සීනිගම

හික්කඩුව සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයෙහි ධර්ම පූජාවක් ලෙසින් ‘බුදුසරණ පුවත්පත’ බෙදාදීමක් දුරුතු පොහෝ දින සිදුවේ.

එම පින්කම සිදු කරනුයේ සීනිගම පදිංචි එම්.ඩී. සිරිපාල මහතා සහ විජේමුනි දීපිකා මහත්මිය විසිනි. ඔවුන් විසින් සාදන ලද සමාධි බුද්ධ රූපය සමඟ බුදු කුටිය සාදා වසරක් පිරීම නිමිත්තෙන් මෙම පින්කම සිදුකරන බව විහාරාධිපති අකුරළ මංජුලතිස්ස හිමියෝ ප්‍රකාශ කරයි.

කළුතර බෝධිය

ලංකා ඡ්‍යොතිශ්‍ය විදු පියසේ නිර්මාතෘ චන්ද්‍රසේන කලංසූරිය මහතා විසින් දුරුතු පොහෝ දින කළුතර බෝ සමිඳුන් අබියස සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සඳහා බුදුසරණ පුවත්පත ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇත.