Print this Article


පේ‍්‍රමසිරි අබේසිංහ බුදුසරණ හිටපු කර්තෘට සෙත්පතා ආශිර්වාද පින්කමක්

පේ‍්‍රමසිරි අබේසිංහ බුදුසරණ හිටපු කර්තෘට සෙත්පතා ආශිර්වාද පින්කමක්

බුදුසරණ පත්‍රයේ හිටපු කර්තෘ ප්‍රවීණ පුවත්පත්කලාවේදී ආචාර්ය පේ‍්‍රමසිරි අබේසිංහ මහතා 80 වැනි විය සපුරයි.

ඒ වෙනුවෙන් ඒ මහතාට සෙත් පතා ඒ මහතාගේ ගම් ප්‍රදේශය වන කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේදී දුරුතු පසළොස්වක දින සවස 6.30ට ආශිර්වාද බෝධි පූජාවකි. විහාරාධිපති කහතුඩුවේ විමලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කරයි.

මල්වතු පාර්ශවයේ සංඝ සභාවෙන් බෞද්ධ පත්‍රකලාසූරි ගෞරව නාමයෙන් පිදුම් ලැබූ පේ‍්‍රමසිරි අබේසිංහ මහතා වසර 18 ක් බුදුසරණ පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේය.

ලේක්හවුස් බෞද්ධ සංගමයේ ආරම්භක ලේකම් වූ ඒ මහතා විවිධ ප්‍රසාද සම්මාන වලින්ද පිදුම් ලබා ඇත.