Print this Article


කන්දවත්ත විජේවර්ධනාරාමයේ ධාතු මන්දිරය විවෘත කිරීම

කන්දවත්ත විජේවර්ධනාරාමයේ ධාතු මන්දිරය විවෘත කිරීම

නුගේගොඩ, කන්දවත්ත, විජේවර්ධනාරාමයේ අභිනවයෙන් ගොඩනංවන ලද දෙමහල් ධාතු මන්දිරය ජනාවරි 14 වැනි දින දහවල් 10.00 ට මහා සංඝරත්නයේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නා හිමියන් විසින් විවෘත කරනු ලබන අතර උන්වහන්සේ විසින් ප්‍රථම බුද්ධ පූජා පින්කමද සිදුකරනු ලබයි.

ඒ නිමිත්තෙන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ දී උදේ 8 සිට සවස 5 දක්වා ප්‍රථම සර්වඥ ධාතු ප්‍රදර්ශනය සිදු කෙරෙයි. විහාරස්ථ දායක සභාව සහ ශ්‍රී පුණ්‍යයෝදය බෝධි පූජා කුලඟන සමිතිය මෙහෙයවීමෙන් ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ ආධාරයෙන් විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය නාවල පේමසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ධාතු මන්දිරය ගොඩනංවන ලදී.