Print this Article


නොමිලයේ පැවැත්වෙන ධම්මවේදි බුද්ධ ධම්ම ඩිප්ලෝමා පාඨමාලාව

නොමිලයේ පැවැත්වෙන ධම්මවේදි බුද්ධ ධම්ම ඩිප්ලෝමා පාඨමාලාව

උසස් ධර්ම ඤාණයක් ලබාගැනීමට කැමැති වයස අවුරුදු 18ට වැඩි අය සඳහා නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

සූත්‍රපාඨ ඇසුරින් නිවැරැදි අවබෝධය සහ අභිධර්මය සරලව ඉගැන්වීම මෙහිදී සිදු කෙරෙන අතර මුද්‍රිත නිබන්ධන නොමිලේ සැපයේ.

සිරිවර්ධනාරාම බුද්ධ ධර්ම විද්‍යාලය, සිරිවර්ධනාරාමය, 13 පන්සල පටුමඟ, කොල්ලුපිටිය යන ලිපිනයට අයැඳුම්පත් යොමු කළ යුතුය.

දර්ශනපති, විහාරාධිපති දියපත්කුගම රේවත හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම පාඨමාලාව ඉරු දිනවල දහවල් 2.30 සිට පැය දෙකක කාලයක් පැවැත්වේ.

වැඩි විස්තර 011-2506161 දුරකතනයෙන් විමසිය හැකිය.