Print this Article


ගල්කිස්ස බෞද්ධායතනයේදී පින්කම් මාලාවක්

ගල්කිස්ස බෞද්ධායතනයේදී පින්කම් මාලාවක්

ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි නාහිමියන්ගේ පරලෝ සැපත් දයාබර මවුපියන් ඇතුළු ඤාතීන්ටත්, ගෞරවනීය ගුරු දේවයන් වහන්සේලා ප්‍රධාන විහාර ගණයේ සංඝරත්නයටත්, සැදැහැති දායක පින්වතුන්ටත් පින් පැමිණවීම සඳහා ගල්කිස්ස වටරප්පල පාර, බෞද්ධායතනයේදී ජනාවරි 02, බ්‍රහස්පතින්දා දවල් පිරිනැමෙන සඟ සතු දානමය පින්කමක්ද , එදින පස්වරු 6.00 ට සැමට සෙත් පතා පැවැත්වෙන අටවිසි බුද්ධ පූජාව සහ රාත්‍රී 7.00 ට සිදු කෙරෙන සෙත් පිරිත් දේශනාවක්ද පැවැත්වේ.