Print this Article


සමස්ත ලංකා දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා අගැයීම නොවැම්බර් 03 දා

සමස්ත ලංකා දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා අගැයීම නොවැම්බර් 03 දා

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කර පවත්වනු ලබන දහම් පාසල් සිසු නිපුණතා අගැයීම් වැඩසටහනේ පළමු අදියර වන ප්‍රාදේශීය සිසු නිපුණතා අගැයීම පසුගිය සැප්තැම්බර් මස 29 වන දින රට පුරා මධ්‍යස්ථාන 318 දී දහම් පාසල් දරු දැරියන් 408720 ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.

එම අදියර යටතේ සුදුසුකම් ලද දහම් පාසල් දරු දැරියන් 12720 ක් සමස්ත ලංකා දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිපුණතා අගැයීම් සඳහා නොවැම්බර් මස 03 වන දින පෙනී සිටීමට නියමිතය.

පෙරවරු 8.30 සිට පැවැත්වෙන එම අගැයීම් වැඩසටහන දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි සිදු කරනු ලබන අතර මෙයින් පළමු ස්ථානය හිමිකරගන්නා දරු දැරියන් 840 ක් දෙසැම්බර් මස කෑගල්ල බාලිකා විද්‍යාලය හා කෑගල්ල සාන්ත ජෝසප් විද්‍යාල පරිශ්‍රයන්හිදී පැවැත්වෙන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා අගැයීම් වැඩසටහන සඳහා සුදුසුකම් ලබන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහතා නිවේදනය කරයි.