Print this Article


65 වසර පිරි අම්පිටිය පුරාණ දිවුරුම්බෝධි මලු විහාරස්ථ ශ්‍රී සුධර්මා දහම් පාසල

65 වසර පිරි අම්පිටිය පුරාණ දිවුරුම්බෝධි මලු විහාරස්ථ ශ්‍රී සුධර්මා දහම් පාසල


ප්‍රධානාචාර්ය විහාරාධිපති කොළඹිස්සේ තිලකසිරි නා හිමි (වමේ සිට දෙවෙනි) සමග ආචාර්ය මණ්ඩලය

ධර්මශාලාවේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්

සෙංකඩගල පුරවරයේ අම්පිටිය පුරාණ දිවුරුම්බෝධිමළු විහාරයේ ශ්‍රී සුධර්මා දහම් පාසල සිය 65 වෙනි වසර සම්පූර්ණ කරමින් රටට, ජාතියට ආගමට හිතැති සදාචාරශීලි, අනාගත පුර වැසියන් පිරිසක් බිහිකිරීමෙන් කන්ද උඩරට පැරැණි දහම් පාසල් අතරට එක්වී ඇත.

1948 දී ශ්‍රී සුධර්මා කුලඟන සමිතිය මගින් විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ ධම්ම විසුද්ධි නා හිමිගේ අනුශාසකත්වයෙන් හා හේරත් මැණිකේ සමරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් ආරම්භ වූ සුධර්මා දහම් පාසලේ දියුණුවට මාතලේ ශාසනතිලක උරුලෑවත්තේ සිරිධම්ම යන මහතෙරවරුන්ගේ ධර්ම ඥානයෙන් ප්‍රදේශයේ දහම් දරුවන්ගේ ක්‍ෂේම භූමියක් බවට පත්විය. ඩී.එම්. චන්ද්‍රසේකර බණ්ඩාර, එල්.යූ. පෙරේරා යන ආචාර්යවරුන්ගේ ධර්ම සේවය වැදගත් ය..

විහාරාධිපති කොළඹිස්සේ තිලකසිරි නා හිමි 2008 දී ප්‍රධානාචාර්ය වශයෙන් පත්වීමෙන් පසු වසර පහක් ඇතුළත දී දහම් පාසලේ ප්‍රාදේශීය දිස්ත්‍රික් සහ සමස්ත ලංකා මට්ටමෙන් වාර්තාගත දහම් ප්‍රතිඵල ලබාගත් දහම් පාසලේ බෞද්ධ සාහිත්‍ය අංශයේ විමංසා දහම් සඟරාවේ හයවෙනි කලාපයද නිකුත් කිරීම ද, වැදගත් ය. ගගවට කෝරළයේ දහම්පාසල් තරගවලින් වසර ගණනාවක්ම පිට පිටම ශූරතා රැසක් හිමිකරගත් අතර විහාරාධිපති කොළඹිස්සේ තිලකසිරි හිමි ප්‍රධානාචාර්ය වශයෙන් ද, ඩබ්ලිව්.එම්. කරුණාරත්න මහතා උප ප්‍රධානාචාර්ය වශයෙන් ද, ආර්.එම්.එස්. පීරිස් මහත්මිය, ජ්‍යෙෂ්ඨ අංශාධිපතිනිය වශයෙන් යුත් සුධර්මා දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය විසි දෙදෙනෙකුගෙන් යුක්ත වේ.

නිවාසන්තර දහම් තරග, බිත්ති පුවත්පත් දැක්ම, අධ්‍යාපන චාරිකා, වෙසක්, පොසොන් බැති ගී වැඩසටහන්, දහම් පාසල් නායකත්ව වැඩමුළුව විමංසා සඟරාව තුළින් ධර්ම දියුණුව වර්ධනය කිරීම, දහම් ගුරු භවතුන්ට උපහාර පිදීම, ආදි ශිෂ්‍ය මණ්ඩලය මඟින් සංවර්ධන සේවා ඇරැඹීම, ආගමික වැඩසටහන් මාලාව සහ සමාජසත්කාර සේවාවන් මධ්‍යයේ දහම් පාසලේ 65 වෙනි සංවත්සරය සමරයි. ශ්‍රී සුධර්මා දහම් පාසල තුළින් රටට, ජාතියට, ආගමට හිතැති සදාචාරශීලිමත් අනාගත පුර වැසියන් පිරිසක් බිහිවේවා යැයි ප්‍රාර්ථනා කරමු.