Print this Article


නැදගමුව ශ්‍රී නාගවනාරාමය

නැදගමුව ශ්‍රී නාගවනාරාමය

නැදගමුවේ ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ 30 වෙනි වරටත් සිදු කරනු ලබන කඨින චීවර පූජාව මෙවරත් මේ මස 25 - 26 දින සිදු කිරීමට කටයුතු යොදා ඇත.

25 වැනිදා රාත්‍රී 7 ට මල් පහන් සහිත ගිලන්පස බුද්ධ පූජාවද, එදින රාත්‍රී 8 ට සර්ව රාත්‍රික පිරිත් දේශනාව ආරම්භ කෙරේ. 25 වැනිදා රාත්‍රී 11 ට පමණ නැදගමුව පස්ගම්මන පදිංචි ඇස්.ඇම්. මයිකල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් කඨින චීවරය රැගත් මහා පෙරහැර ආරම්භ වේ.

26 වැනිදා අලුයම 5 ට පමණ කඨීන චීවර පූජාව පැවැත්වීමද, 26 වැනිදා උදේ දානය පිරිනැමීම සහ 10.30 ට පමණ බුද්ධ පූජාව පවත්වා එදින දහවල මහා සංඝරත්නයට සපිරිකර මහා දානය පිරිනැමීමද එදිනම රාත්‍රී 7.30 පමණ කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.