Print this Article


කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමය

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමය

කඩවත කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමයේ විහාරාධිපති ඕනෑගම නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සතරපෝරුවේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් කිරිල්ලවල නිදහස් මාවතේ අංක 257 නිවසේ පදිංචි පි‍්‍රයන්තලාල් කුමුදුසිරි මහතා ඇතුළු එම පවුලේ සියලු දෙනාගේ ප්‍රධාන දායකත්වයෙන් ප්‍රදේශවාසීන්ගේද සහයෝගයෙන් කඨින පූජා පින්කම මේ මස 26 වන දා පැවැත්වේ.

එදින මධ්‍යම රාත්‍රී 12 සිට කඨින පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත අතර පසුදින උදෑසන කඨින චීවර පූජාව සිදු කෙරේ. එදින සවස කඨින ආනිසංස ධර්මදේශනය පැවැත් වේ.