Print this Article


ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානය

ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය හා ගුණසමරු පුණ්‍ය මහෝත්සවය 28 වන වරටත් ඔක්තෝබර් මස 16 වන දින සිට නොවැම්බර් මස 17 වන දින දක්වා විහාරාධිපති වලවෙල හේමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මා හිමි, වලවෙල සෝමසිරි මා හිමි, වැලිගම ආරියවංශ මා හිමි ඇතුළු පරලොව සැපත් සියලු දායක දායිකාවන් හා රටදැය සමය සුරක්ෂිත කරනු වස් දිවිදුන් අභීත රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම වස් මෙම පින්කම් මාලාව පැවැත්වේ. කඨින මහා පෙරහර නොවැම්බර් 09 වන දිනද, 10 වන ඉරුදින සර්ව රාත්‍රික මහා පිරිත් දේශනාවද, 11 වන සඳුදා දවල් සඟ සතු මහා දානය හා රාත්‍රී ධර්ම දේශානාවද පැවැත්වේ. නොවැම්බර් 17 වන දින කධ¢නානිශංස ධර්ම දේශානාව විහාරාධිපති වලවෙල හේමානන්ද මාහිමියන් විසින් පවත්වනු ලැබේ.