Print this Article


ශ්‍රී මහින්දාරාමයේ කඨින පින්කම

ශ්‍රී මහින්දාරාමයේ කඨින පින්කම

කොළඹ 10, මරදාන ශ්‍රී මහින්දාරාමයේ කඨින පින්කම විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නා හිමිගේ අනුශාසනා පරිදි මේ මස 25 සහ 26 සිදු කිරීමට කටයුතු යොදා ඇත.

25 වැනි දා සවස මහ පිරිත් දේශනය පවත්වා 26 වෙනි දින උදේ 04.30 ට කඨින චීවරය රැගත් පෙරහර විහාරස්ථානය අසළින් පිටත්වී උදෑසන 6 ට විහාරස්ථානයට වැඩමවා පූජා කිරීමත් දාවල මහා සංඝරත්නය විෂයෙහි දානය පිරිනමා සවස 5 සිට 6 දක්වා කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.

කඨිනානිසංස ධර්ම දේශනය පවත්වනු ලබන්නේ රත්මලාන පුෂ්පාරාමාධිපති අමරපුර සිරිසද්ධම්ම වංස මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලානේ සුනීත නා හිමියන් විසිනි.