Print this Article


ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන් මහාබෝධි සමාගමේ මහාලේකම් තනතුරට

ආචාර්ය දොඩම්ගොඩ රේවත නා හිමියන් මහාබෝධි සමාගමේ මහාලේකම් තනතුරට

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් 1891 දී ආරම්භ කළ ඉන්දියානු මහාබෝධි සමාගමේ 116 වන වාර්ෂික මහා සභා රැස්වීම ඉන්දියාවේ බටහිර බෙංගාලයේ පිහිටි මහාබෝධි මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරයේ දී 2013 සැප්තැම්බර් 7 දා සිදුකරන ලදී. විවිධ රටවල විශාල සාමාජික පිරිසක් සාමාජිකත්වය දරන ඉන්දියානු මහාබෝධි සමාගමේ 2013 -2014- 2015- 2016 යන වසර තුනක සඳහා නිලධාරීන් තෝරා ගැනීමේ ඡන්දයේදී අනගාරික ධර්මපාල අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම ඉන්දියානු මහාබෝධි සමාගමේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකු වූ ප්‍රසන්න ජයසූරිය මැතිතුමා නිතරගයෙන් සභාපති ධූරයට පත් වූ අතර භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් මහා ලේකම් පදවියට නිතරගයෙන් පත් වූ අතර පැල්වත්තේ සීවලි හිමියන් සහ එගොඩබැද්දේ උපරතන හිමියන් යන දෙනම සහකාර ලේකම්වරුන් ලෙස පත්වූ අතර හැත්තෑපස් දෙනෙකුගෙන් සමත්විත පාලක මණ්ඩලයේ අනුශාසකවරු ලෙස සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක ධුරන්ධර අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, දලයි ලාමාතුමා, විපස්සනාචාර්ය සත්‍යනාරායන් ගොයින් කා බොම්බායේ මහාධිකරණයේ විශ්‍රාමික මහා විනිශ්චකාර චිත්තස්සෝස් මුඛර්ජි මැතිතුමා යන අය පත්කර ගන්නා ලදී.