Print this Article


මුහුදු මහ විහාරයට ශ්‍රම දායකත්වය ඉල්ලයි

මුහුදු මහ විහාරයට ශ්‍රම දායකත්වය ඉල්ලයි

නැගෙනහිර පළාතේ අම්පාර, පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය ප්‍රෞඩ ඉතිහාසය විදහා දක්වන සම්පතකි. මෑත කාලීනව විහාරස්ථානයේ දියුණුව පිණිස විවිධ සංවිධාන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු බොහෝ පින්වත් පිරිස් සංවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර අවශ්‍ය ගඩොල්, සිමෙන්ති, ලී ඇතුලු අමු ද්‍රව්‍ය රැස් කැර තිබේ.

පින්කැමැති ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැති ඔබ සැමට පැමිණ මුහුදු මහා විහාරයේ ඉදිකිරීම් කටයුතු වලට දායකවීමටත්, ගඩොල් හෝ වැලි හෝ ඉදිකිරීම් සිදුකෙරෙන ස්ථානය වෙත රැගෙන යාමට සහය වන ලෙසත් විහාරවාසී සංඝරත්නය ආරාධනා කරති.

වැඩි විස්තර විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහතාගෙන් 0773626146 දුරකතනයෙන් දැනගත හැකියි.