Print this Article


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්‍ෂීරපායාස මහා බුද්ධ පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්‍ෂීරපායාස මහා බුද්ධ පූජාව

වස් තුන් මාසය තුළ අනුරාධපුර බෞද්ධ මණ්ඩලය දියත් කොට ඇති පින්කම් මාලාවට අයත් අසිරිමත් ක්‍ෂීරපායාසමය මහ බුද්ධ පූජාව මෙවරද මේ මස 19 වැනිදා සිදු කිරීමට නියමිත ය.

ඒ අනුව පුර පොහොය දින සවස බෞද්ධ මණ්ඩල පරිශ්‍රයට ගෙන එන කිරි එළදෙනුන් සුවඳ පැණින් නහවා, ඔලිඳ, විලඳ, වැල්මී, මී පැණි මුසු කොට කවා, පසුදා 19 වැනිදා අළුයම දොවා ගන්නා නො යිඳුල් එළකිරි උඩුවියන් බැඳ වටතිර ඇද තැනු විශේෂ මණ්ඩපයක් වෙත පෙළහරින් ගෙන එනු ලබයි. හේවිසි සහිත පෙරහරින් ගොස් ශ්‍රී මහා බෝ සමිඳුන් තෙවරක් පැදකුණු කොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙත පූජා කිරීම සිදුවෙයි. එදිනම ව්‍යාංජන 112 කින් සමන් විත බුද්ධ පූජාවක් හා සවස සියලු අංගයන්ගෙන් සපිරුණු ගිලන්පස බුද්ධ පූජාවක්, සිදු කිරීමටද නියමිතය.