Print this Article


බුද්ධ ධර්මය

බුද්ධ ධර්මය

2013 අ.පො.ස. (සා.පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

වඩාත් ගැළපෙන පිළිතුරු තෝරා ලකුණු කරන්න

1.බුදුරජාණන් වහන්සේගේ සනාථන දහම් පණිවුඩය දීප්තිමත් තරුවක් සේ බබළයි. නිවැරැදිව සිතීමට හා ක්‍රියා කිරීමට හැකි පමණින් දිරිමත්ව කටයුතු කරමු. මේ ප්‍රකාශය කරන් ලද්දේ

1.මන්මථනාත් ශ්‍රාස්ත්‍රී පඬිවරයාය
2.සර්ව පල්ලි රාධ ක්‍රිෂ්ණන් පඬිතුමාය
3. ජවහර්ලාල් නේරුතුමාය
4. අබ්දුල්ලා අතාභිලාතුමාය

2.ආසියාවේ ආලෝකය යන කෘතිය ලියන ලද්දේ,

1.මහාචාර්ය සෝන්ඩර්ස්ය
2.ශ්‍රීමත් එඩ්වින් අර්නෝල්ඩ්ය
3. එච්.ජී. වේල්ස්ය
4. ජවහර්ලාල් නේරුතුමාය

3.අසාර වූ දෙය සාරවත්ව දකින සාරවත් දෙය අසාර ලෙස දකින වැරැදි කල්පනා ඇති අය සාරවත් වූ දෙයක් නොලබති. මේ අදහස් ඇති ධම්ම පද ගාථාව වන්නේ.

1.අසාරේ සාරමතිනෝ යන ගාථාවයි
2. සාරංච සාරතෝ ඤත්වා යන ගාථාවයි
3. නහි වේරේන වේරානි යන ගාථාවයි
4. අක්කොච්ඡි මං අවධි මං යන ගාථායි

4.උත්සාහවත් බව මනා සිහියෙන් යුක්ත වීම, පිරිසුදු ක්‍රියා ඇති බව, විමසිලිමත්ව කටයුතු කිරීම සංවර බව, නිවැරැදි ජීවිකා වෘත්තියක් ඇති බව, පමා නොවි කටයුතු කිරීම යන මේ ගුණධර්ම ගැන කියැවෙන ගාථාව වන්නේ.

1.සබ්බ පාපස්ස අකරණං
2. චරං චේ නාධිගචෙඡය්‍ය
3. උට්ඨානවතෝ සතිමතෝ
4. මනෝ පුබ්බංගමා ධම්මා

5. අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවී සිටීම හඳුන්වන්නේ ,

1.පුරිස දම්ම සාරතී ගුණය ලෙසයි
2. අරහං බුදු ගුණය ලෙසයි
3. මෛතී‍්‍ර ගුණය ලෙසයි
4. තාදි ගුණය ලෙසයි

6.බුදුරජාණන් වහන්සේගේ පද්මාකාර ජීවිතය ලෙස හඳුන්වන්නේ,

1.නෙළුමක් වැනි පිවිතුරු මුහුණක් ඇති නිසාය
2. බුදු හිමියන්ගේ සිරි පතුල හැඳින්වීමට පද්මය යන නම යොදන නිසාය
3.නෙළුම් මල් වලින් පිදුම් ලැබීමට උන්වහන්සේ සුදුසු නිසාය.
4.සමාජයේම ඉපදී සමාජයේම වැඩී සමාජ දුසිරිත් වලින් මිදී පිරිසුදු ජීවිතයක් ගත කිරීම නිසාය.

7.පංච නීවරණ ධර්ම යටපත් වන්නේ,

1.මෛත්‍රී භාවනාවෙනි
2.සමථ භාවනාවෙනි
3. විදර්ශනා භාවනාවෙනි
4.ආනාපාන සති භාවනාවෙනි

8.සමථ භාවනාවේ එන කාසිණ ගණන,

1.හයකි
2. අටකි
3. හතරකි
4.දහයකි

9. භාවනාවේදි පුද්ගල චරිත වර්ගීකරණයට භාජනය වෙයි. එම පුද්ගල චරිත ගණන

1.හයකි
2. පහකි
3. හතරකි
4. අටකි

10. විපස්සනා භාවනාව වැඩීමෙන් අවසානයේ ලැබෙන ප්‍රතිඵලයක් වන්නේ,

1.සෝවාන් වීමයි
2.සකෘදාගාමී වීමයි
3. අනාගාමී වීමයි
4. රහත් වීමයි

11. ත්‍රි ලක්‍ෂණය යනුවෙන් හඳුන්වන්්නේ,

1. බුද්ධ,ධම්ම, සංඝ යන තුනයි
2. සීල,සමාධි, ප්‍රඥා යන තුනයි
3. දාන, සීල, භාවනා යන තුනයි
4. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තුනයි

12. පටිච්ච සමුප්පාදයේ සංඛාර යනුවෙන් හඳුන්වා ඇත්තේ

1.අවිද්‍යාවයි
2. නාමරූපයි
3.කුසලා කුසල රැස් කිරීමයි
4. තණ්හාව ඇති වීමයි

13. පටිච්ච සමුප්පාද න්‍යාය අනුව සමාජගත දුක ඇතිවන අයුරු පෙන්වා දුන් එක සූත්‍රයක් වන්නේ

1. චක්ක වත්ති සිහනාද සූත්‍රයයි
2. සාමඤ්ඤඵල සූත්‍රයයි
3. සිඟාලෝවාද සූත්‍රයයි
4. වසල සූත්‍රයයි

14. නරක සිතකින් නම් -හොඳක් නොකළැකි කිසියම්

හොඳක් නොකළේ නම් - උපන් ගතියෙන් නැත පලක් නම් මෙම පද්‍ය අඩංගු පද්‍ය ග්‍රන්ථය වන්නේ

1.ලෝකෝපකාරය
2. සිරිත් මල්දම
3. ලෝවැඩ සඟරාව
4. සුභාෂිතය

15. සිල් සමාදන් වීම යනුවෙන් අදහස් කරන්නේ,

1.පන්සිල් ගැනීමයි
2. අටසිල් ගැනීමයි
3. දසසිල් ගැනීමයි
4. කය, වචන, දෙක සංවර කර ගැනීමයි.

16.සිල් ආරක්‍ෂා කිරීම සිදුකළ යුත්තේ

1.ළමා කාලයේය
2. මහලු කාලයේය
3. තරුණ කාලයේය
4. මුළු ජීවිත කාලයේ ම ය

17. ගුරුවරයෙකු විසින් ශිෂ්‍යයකුට ඉටු නොකළ යුතු යුතුකම වන්නේ

1.මනාව හික්මීම
2. හොඳින් ඉගැන්වීම
3. උපස්ථාන කිරීම
4. හිතවතුන්ට හඳුන්වා දීම

18. පැවිද්දන් විසින් ගිහියන්ට සංග්‍රහ කළ යුතු කරුණු ගණන

1.පහකි
2. හයකි
3.දෙකකි
4.තුනකි

19. අනුරාධපුර ථූපාරාම ඉදි කළේ

1.දුටුගැමුණු රජතුමාය
2.වළගම්බා රජතුමාය
3. මහසෙන් රජතුමාය
4. දෙවනපෑතිස් රජතුමාය

20. ගිරිභණ්ඩ පූජාව පවත්වා ඇත්තේ

1.අනුරාධපුර යුගයේය
2.පොළොන්නරු යුගයේය
3.දඹදෙණි යුගයේය
4.ගම්පළ යුගයේය

ප්‍රශ්න අංකය පිළිතුර

1        3
2       2
3       1
4      3
5      4
6       4
7       2
8      4
9      1
10     4
11      4
12     3
13     1
14    2
15    4
16    4
17    3
18    3
19    4
20    1