Print this Article


බුදුන් දුටු යුවතියෝ (බෞද්ධ ග්‍රන්ථය) දොරට වඩී

බුදුන් දුටු යුවතියෝ (බෞද්ධ ග්‍රන්ථය) දොරට වඩී

මාධ්‍යවේදිනී සංජීවිකා සමරතුංග විසින් ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සමග සාකච්ඡා කොට සම්පාදනය කළ “ බුදුන් දුටු යුවතියෝ” බෞද්ධ ග්‍රන්ථය එළි දැක්වීමේ උළෙල ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා, සවස 4. 00 ට පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන් රාජ මහා විහාරයේ දී පැවැත්වේ.

මහරගම, නාවින්න සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශනයක් වන මෙම ග්‍රන්ථයෙන් යුවතියක මුහුණ දෙන ගැටලු, සම්ප්‍රදායික සමාජ ආකල්ප හා නවීනත්වය මෙන්ම බුදුන් දුටු විවිධ කාන්තා චරිත ඇතුළු බොහෝ කරුණු පැහැදිලි කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ සුනේත්‍රාදේවී මහා පිරිවෙන්පති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම ග්‍රන්ථය එළිදැක්වේ.