Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පන්නිපිටියේ ශ්‍රී සුමංගලපාරේ 163/ඒ හි පදිංචි රවීන්ද්‍ර ගනේගොඩ මහතා වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට වකුගඩු බද්ධකිරීමට අවශ්‍ය බවත් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවත් වෛද්‍යවරු දන්වා ඇත. ඔහුට මෙම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට සමත් පින්වතකු වෙතොත් 071 6808686 (පී. ගුණසේකර) හෝ 0773046815 (චන්දන ජයවර්ධන) ට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


57/56, සූරියපාළුව කඩවත හි පදිංචි 60 හැවිරිදි බී.ඩබ්ලිව්.ජී. ආරියවතී තෙදරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වකුගඩුවක් අවශ්‍ය කර ඇත. පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් 071 3025007, 0112970670, 071 8411227 දුරකථන අංක වලට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


අවුරුදු 68 ක් වයසැති අයි. ජී. බන්දුසේන නමැති අය දරුණු වකුගඩු රෝගයකට ගොදුරුව ඇත. ඔහු වෙනුවෙන් ‘ඕ හෝ ඒ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධකළ යුතු බවට වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා විසින් නිර්දේශ කර ඇත. ඔහු වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේනම් දුරකතන අංක 0112562166 හෝ 0771400946 ට අමතන ලෙස ඉල්ලා සිටියි.


කොළඹ 02, පල්ලිය පාරේ, අංක 41 හි පදිංදි බී. ජී. පි‍්‍රයන්ති (අවු 45) මිය දරුණු වගුකඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඇයට ඉක්මණින් වකුªගඩුවක් බද්ධ කරන ලෙස, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා දන්වා ඇත. ඇයට බද්ධ කිරීම සඳහා ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලින් වෙත්නම් දුරකතන අංක 0716882561 හෝ 0757483766 ට දන්වන ලෙස ඉල්ලා සිටි.


බණ්ඩාරගම, රයිගම හන්දිය පදිංචි සුමිත් කුමාර සිරිමාන්න (45) යන අයගේ් වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් ඉතා ඉක්මණින්ම ඔහුට වකුගඩුවක් බද්ධ කළයුතු බවට විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. එබැවින් ඔහුට ‘ඕ නෙගටිව්’ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වෙතොත් දුරකථන අංක 0716472203 හෝ 0719153984 (තුසිත සිරිමාන්න) දන්වන ලෙස ද වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදලින් ආධාර කරන ලෙසද ඉල්ලා සිටී.