Print this Article


පිහිට පතයි

පිහිට පතයි

බොරලැස්ගමුව, රත්තනපිටිය, පරණ කැස්බෑව පාර අංක 47 හි පදිංචි (58) ඩබ්.ඒ.එන්.එස්.ද අල්විස් යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් බද්ධ කළයුතු බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා සෙනවිරත්න වෛද්‍යවරිය නිර්දේශ කර ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 0777278856, 011 2517250 දන්වන ලෙස ද ඉල්ලා සිටී.


මාතර, යටියන, හොරොන්දුව, ‘නුවන්’ හි පදිංචි එම්.ජී.එල්. කරුණාතිලක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට වහාම වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනය යි. ඒ සඳහා “බී පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් (අවුරුදු 25 ත් 50 ත් අතර) පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකුගේ සහාය පතයි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා උපකාරකයක් කළ හැකි නම් දුරකථන 077 6677933, 041 3401767 අංකවලට දැනුම් දෙන මෙන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටියි. පරිත්‍යාගයක් කිරීමට කැමැති සියලු දෙනාම, මාතර, උයන්වත්ත, මහජන බැංකුව, කරුණාතිලක ආරෝග්‍යශාලා අරමුදල, ගිණුම් අංක 032200130032017 බැර කරන මෙන්ද ඉල්ලා සිටියි.


හල්දුම්මුල්ල, කිරිමැටියහි පදිංචි වාසනා සුබසිංහ (අවු. 13) දියණිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට තම මවගේ වකුගඩුවක් බද්ධ කරන අතර එම ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැය වන බව පවසයි. ඇයගේ පියාද අංශභාග රෝගයකින් පෙළෙන අතර සොහොයුරියගේ ද ඇසක් අන්ධභාවයට පත්ව ඇත. එනිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔබගේ ආධාර පතයි. ලංකා බැංකුව රිජන්ට්වීදිය ශාඛාව රන්කැකුළු ගිණුමක් වන ගිණුම් අංක 75067765 (එස්.ඒ.ටී. වාසනා සුබසිංහ) ගිණුමට මුදල් බැරකළ හැකියි. වැඩි විස්තර 071 5374030 විමසිය හැකි ය.