Print this Article


ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්

ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්

අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 10 වැනි ගුණ සමරුව නිමිතිකොට ගෙන, ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේ ඇතුළු මහ රහතුන් වහන්සේලා 20 නමක ගේ පමණ අසිරිමත් ධාතු ප්‍රදර්ශනයක් මාතර, මැද්දවත්ත සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පැවැත්වේ.

සැප්තැම්බර් 15 දින සවස 4.00 ට වැඩම කරවනු ලබන එම ධාතූන් වහන්සේලා එදින සිට මේ මස 22 දක්වා සවස 5 සිට රාත්‍රී 9.00 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර, ඊට සමගාමීව කිරිපිඬු පූජා, දෙතිස් ව්‍යඤ්ජන පූජා, අෂ්ඨපාන ගිලන්පස පූජාවන් සහ චෛත්‍යරාජයාණන් වහන්සේට ෂඩ් වර්ණ විදුලි බුබුලින් ආලෝක පූජාව ද පැවැත්වේ. විනයාචාර්ය කඩවත සමින්ද හිමි ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලා විසින් මේ මහානීය පින්කම සංවිධානය කරනු ලැබේ.