Print this Article


මහියංගන ඇසැළ පෙරහර මංගල්‍යය

මහියංගන ඇසැළ පෙරහර මංගල්‍යය

ඓතිහාසික මහියංගන රාජමහා විහාරයේ සහ මහියංගන ශ්‍රී සුමන සමන් මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය මේ 5 වැනිදා රාත්‍රී කප්සිටුවා ආරම්භ කෙරුණි.

මහියංගන ඇසළ පෙරහර ආරම්භ කිරීමට පළමුව සම්ප්‍රදායානුකූලව සුමන සමන් දේවාලයේ භූමියේ පිරිත් මණ්ඩපයේ දී සිදු කෙරෙන පරිත්‍රාන ධර්මදේශනාව මහියංගන රජමහ විහාරාධිපති අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමි අනුශාසකත්වයෙන් හා මහියංගන රජ මහ විහාරයේ භාරකාර අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ සභික පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්‍ඛිත හිමි මූලිකත්වයෙන් සිදු කෙරුණි. සැප්තැම්බර් 5 සිට 9 දක්වා ඇතුලේ පෙරහරද සැප්තැම්බර් 10 සිට 14 දක්වා කුඹල් පෙරහර සමඟ සමන් දේවාලයේ රන්දෝලි පෙරහරද 15 සිට 19 දක්වා රජමහ විහාර පෙරහර සමඟ වීදි සංචාරය කෙරේ. මේ අතර ආදිවාසි නායක ඌරු වරිගේ වන්නිලැත්තන්ගේ මූලිකත්වයෙන් ඓතිහාසික ආදිවාසීන්ගේ පෙරහර මහ පෙරහර ගෙවදීමෙන්, අනතුරුව මධ්‍යම රාත්‍රියේ රජ මහ විහාර චෛත්‍ය හා දේවාල පරිශ්‍රමයේ සංචාරය කෙරේ. සැප්තැම්බර් 20 අලුයම මහවැලි ගං තොටුපලේ දියකැපුම් සිදු කෙරේ.