Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මානව හා සාම සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, දර්ශනපති, අපවත් වී වදාළ ගලතර පඤ්ඤානන්ද හිමියන්ගේ සංකල්පයක් අනුව නාපේ ශ්‍රී ශීලානන්ද පිරිවෙනේ ආචාර්ය නෙළුම්දෙණිය ගෝතම විහාරාධිපති ශාස්ත්‍රපති අස්වැද්දුවේ කමල සීල හිමියන්ගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, හර්ෂ සියඹලාපිටිය, එස්.එච්. මිහිර ධනුෂ්ක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මානව හා සාම සංවර්ධන මධ්‍යස්ථානය විවෘත විය. මෙදින නෙළුම් මල් 50000 අධිෂ්ඨාන පූජාවක් ද පවත් වන ලදී.
- මනෝජ් මධුසංඛ නෙළුම්දෙණිය

මහනුවර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පදවියට පත්වූ තලාතුඔය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පින්නගොල්ල ශ්‍රී සද්ධර්‍මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමි (මැද) චාරිත්‍රානුකූලව පහන දල්වා රාජකාරිය කටයුතු ආරම්භ කළ අවස්ථාව - අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභාවේ කාරක සභික සභාපති ශාස්ත්‍රපති මැදගම ධම්මානන්ද හිමියෝ ද (දකුණේ) වැඩ සිටිති. - කේ බණ්ඩාරනායක

උණවටුන බෝධිරාජ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති සාහිත්‍ය ශූරී මිරිස්වත්තේ සුමන හිමිපාණන්ගේ මෙහෙයවීම යටතේ බෝධිරාජ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නායක මඬුල්ල විසින් නමවන වරටත් (9) සංවිධානය කරන ලද ලේ දන්දීමේ පින්කම් මාලාවේ එක් අවස්ථාවක් මෙම ඡායාරූපයෙන් දැක්වේ. ලේ දන්දීම සඳහා ප්‍රදේශයේ පින්වතුන් රැසක් සහභාගි වූහ.
- උණවටුනේ දීපාල් පෙරේරා

කොළඹ 07, බෞද්ධාලෝක මාවත ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමයේ විහාරාධිපති හිමියන්ගේ මඟපෙන්වීමෙන් හා කැලණියේ අත්ථදස්සී හිමියන්ගේ අනූශාසකත්වයෙන් පසුගිය දා බත්තරමුල්ල වික්‍රමසිංහපුර වැඩිහිටි නිවාසයේ දී විශේෂ පින්කම් මාලාවක් සිදු කෙරිණි. එහිදී එක් මාතාවක් අටපිරිකර පූජා කළ අයුරු.

මොරටුව, රාවතාවත්ත ශ්‍රී කවිධජ භාවනා මූලස්ථ සිරිසේන ධර්ම මන්දිර විහාරාධිපති හෝමාගම කොණ්ඩඤ්ඤ හිමියන්ගේ අනුශාසනා පරිදි 07 වැනි වරටත් කිරි එළදෙණුන් 10 දෙනෙකුට අභය දානය ලබා දීම පසුගිය පසළොස්වක පොහෝදා විහාරස්ථාන භූමියේදී සිදු කෙරුණි. මේ සඳහා දායක සැමගේ සහභාගිත්වයෙන් හා සිරිසේන දහම්පාසලද,  ‘The Buddha’s Way’  ඉංගී‍්‍රසි දහම් පාසල ද සහාය ලබා දෙන ලදී. පූලියද්දේ සුධම්ම හිමියන්ගේ හා ගාමිණි පි‍්‍රයන්ත මහතාගේ දේශනයන්ද පැවැත්විණි. මොරටුව වේල්ස් කුමර විදුහල්පති සම්පත් වේරගොඩ මහතා ද සහභාගි විය.