Print this Article


පොල්හේන ශ්‍රී ශාන්ත්‍යාරාම විහාරයේ පින්කම්

පොල්හේන ශ්‍රී ශාන්ත්‍යාරාම විහාරයේ පින්කම්

කැලණිය, පොල්හේන ශ්‍රී ශාන්ත්‍යාරාම විහාරස්ථානයේ කඨින මහ පින්කම නිමිත්තෙන් මේ මස 5 වැනිදා සිට ඔක්තෝම්බර් 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඔක්තෝම්බර් 19 සහ 20 දෙදින සර්ව රාත්‍රික පිරිත් දේශනාව සහ සඟසතු දානය පිරිනැමේ.

සෑම දිනකම රාත්‍රී 7 සිට 8 දක්වා ධර්ම දේශනා පැවැත්වෙන අතර මේ මස 12 වැනිදා පරපාමුල්ලේ සිරිවිමල හිමි, 13 වැනිදා කොටුවිල විමලකිත්ති නා හිමි, 14 වැනි දා කහටවිලවත්තේ පාලිත හිමි, 15 වැනිදා මොරවක ධම්මානන්ද හිමි, 16 වැනිදා බෝදාවල පියභාරති හිමි, 17 වැනි දා දෙබත්ගම තිලකරංසි හිමි, 18 වැනිදා මොරවක සෝරත හිමි දම් දෙසුම් පැවැත්වීමට නියමිතය.