UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රායෝගික ජීවිතයට බුදුදහම - 04

ප්‍රායෝගික ජීවිතයට බුදුදහම - 04

බිරිඳකගේ භූමිකාව

බිරිඳ නිවසේ සැමට පෙර අවදි විය යුතුයි. පවුලෙ කටයුතු නිසි වේලාවට සිදුවීම පිණිස මෙය අත්‍යවශ්‍ය වේ. එසේම නිවසේ ප්‍රධානියා වන බිරිඳ නින්දට යා යුත්තේ ද සැමට පසුවය. බුදුසමය මූලික වශයෙන් මාතෘ මූලික පවුල පිළිගන්නා බව මෙයින් පැහැදිලිවේ. “දැන් කළ යුත්තේ කුමක්ද? යනුවෙන් බිරිඳ නිරන්තර අවදිබවකින් සිටිය යුතුයි. යහපත් බිරිඳක් වශයෙන් ඇය නිවසේ සිටින හැම දෙනා කෙරෙහිම මනාපව හැසිරිය යුතුයි. සියලු දෙනාගේම සිත් සතුටු කළ යුතුයි කාන්තාවක් වශයෙන් ඇය නිරන්තරයෙන්ම ප්‍රියවචන කතාකරන්නියක් විය යුතුයි. මෙම කරුණු පහම බිරිඳක් විසින් නොපිරිහෙලා ඉටු කරන්නේ නම් එය පවුලේ දියුණුවට හේතු වේ

පවුල් සංස්ථාව තුළ බිරිඳකගේ භූමිකාව මැනවින් නිරූපනය කරන සූත්‍රයක් වශයෙන් අංගුත්තර නිකායේ ‘උග්ගහ සූත්‍රය’ පෙන්වාදිය හැකිය. උග්ගහ සිටුවරයා බුදුරජාණන් වහන්සේට දන් පිරිනමා යුග දිවියට පා තැබීමට අපේක්‍ෂාවෙන් සිටි තම දියණිවරුන්ට සුදුසු ධර්මාවවාදයක් දේශනාකරන ලෙස ඉල්ලා සිටි විට උන්වහන්සේ විසින් දේශනා කරන ලද කරු ණු නිවසක සාමය හා සමෘද්ධිය අපේක්‍ෂා කරන බිරිඳකගේ යුතුකම් වශයෙන් සැලකිය හැකිය.

බිරිඳ නිවසේ සැමට පෙර අවදි විය යුතුයි (පුබ්බුටඨානියො) පවුලෙ කටයුතු නිසි වේලාවට සිදුවීම පිණිස මෙය අත්‍යවශ්‍ය වේ. එසේම නිවසේ ප්‍රධානියා වන බිරිඳ නින්දට යා යුත්තේ ද සැමට පසුවය(පච්ඡානිපාතිනියො) බුදුසමය මූලික වශයෙන් මාතෘ මූලික පවුල පිළිගන්නා බව මෙයින් පැහැදිලිවේ. “දැන් කළ යුත්තේ කුමක්ද? යනුවෙන් බිරිඳ නිරන්තර අවදිබවකින් සිටිය යුතුයි (කිංකර පටිස්සාවිනියො) යහපත් බිරිඳක් වශයෙන් ඇය නිවසේ සිටින හැම දෙනා කෙරෙහිම මනාපව හැසිරිය යුතුයි. සියලු දෙනාගේම සිත් සතුටු කළ යුතුයි (මනාපචාරිනියො ) කාන්තාවක් වශයෙන් ඇය නිරන්තරයෙන්ම ප්‍රියවචන කතාකරන්නියක් විය යුතුයි (පියවාදිනියො) මෙම කරුණු පහම බිරිඳක් විසින් නොපිරිහෙලා ඉටු කරන්නේ නම් එය පවුලේ දියුණුවට හේතු වේ.

ස්වාමියා විසින් මව පියා මහණ බමුණන් නෑදෑ හිතමිතුරන් ආදි වශයෙන් යම් පිරිසකට ගරුකරන්නේ නම් බිරිඳද ඒ සියලු දෙනාටම ගරු කළ යුතුයි. ස්වාමියාගේ අගැයීම් බිරිඳගේ ද අගැයීම් වන විට පවුලේ සාමය සුරැකේ. මෙම තත්ත්වය නොමැති විට නෑදෑ පිරිස සමඟ පවුල් ගැටුම් නිර්මාණය වේ. බෞද්ධ ඉගැන්වීම් අනුව බිරිඳගේ දෙමාපියන් ස්වාමියාගේ ද දෙමාපියන් වන අතර ස්වාමියාගේ දෙමාපියන් බිරිඳගේ ද දෙමාපියන් වේ. තමන්ට හොඳ ස්වාමිපුරුෂයෙකු හෝ බිරිඳක ලැබුණේ එම දෙමාපියන් නිසා බව කල්පනා කිරීම ගෞරවනීය බැඳීම පවත්වාගැනීමට උපකාරි වේ.

ස්වාමියාගේ යම් අභ්‍යන්තර කර්මාන්තයක් ව්‍යාපාරයක් වේනම් ඒ පිළිබඳ අනලස්ව දක්‍ෂ ලෙස විමසිල්ලෙන් සොයා බැලීම හොඳ බිරිදකගේ වගකීමය. තමා විසින් කළ යුතු කාර්යයන් තෝරා ගැනීමද තෝරාගත් කටයුතු මැනවින් සංවිධානය කිරීමද හොඳ බිරිඳකගේ ලක්‍ෂණයකි. එවැනි බිරිඳකගේ පවුලේ ආර්ථික දියුණුවට ලැබෙන පිටිබලය ඉමහත් ය.

නිවසේ සේවය කරන යම්සේවකාදී පිරිසක් වෙතොත් ඒ අය පිළිබඳ සොයාබලා කටයුතු කිරීමේ වගකීම පැවැරෙන්නේ බිරිඳටය. මෙහිදී ඇයගේ අවධානය යොමු විය යුතු කරුණු කීපයක් වේ. එනම් සේවකයන්ට පවරන කටයුතු ඉටුකිරීමට කාලය ලබාදිය යුතුය.  සේවකයාට පැවරූ කටයුතු ඉටුකළ නොකළ බව දැන ගත යුතුය. යම් සේවකයෙකු රෝගීව වාසය කරන්නේ නම් ඔහු හෝ ඇය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.ආහාර පාන බෙදාදීමේදී තමා විසින්ම එය කළ යුතුය.මෙම යුතුකම බිරිඳකගෙන් ඉටුවන විට සේවකයන් නිසා පවුලේ ගැටුම් නිර්මාණය නොවේ. එසේම සේවකයන් හා අනෙකුත් සාමාජිකයන් අතර සුහදතාව වර්ධනය වේ. බිරිඳගේ කාර්යභාරය අතර වැදගත් වගකීමක් වන්නේ නිවසේ ධන සම්පත් මැනවින් සුරක්‍ෂිත කර ගැනීමයි. ඇය ධන සම්පත්, දුරාචාරයට යොමු නොකරන සොරකම් නොකරන පහත් ආශාවන්ට ලොල්වී ධනය විනාශ නොකරන තැනැත්තියක් විය යුතුය. නිවසට ලැබෙන කවර සම්පතක් වුවද විනාශ වන්නේත් සුරක්‍ෂිත වන්නේත් බිරිඳගේ ක්‍රියාකාරිත්වය මතය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ මෙම අවවාදය කෙරෙහි විශේෂ සැලකිල්ල යොමු කිරීම පවුලක දියුණුව පිණිස හේතුවේ.

වසර දෙදහස් පන්සිය පනස් පහකට පමණ පෙර ජීවත් වූ උග්ගහ සිටුවරයාගේ දියණිවරුන්ට දුන් මෙම අවවාදය එදාටත් වඩා වැදගත් වන්නේ වර්තමාන සමාජයටය. පවුලක් වශයෙන් දියුණුවන්නේත්, පිරිහෙන්නේත් මෙම කරුණු පදනම් කරගෙන බව වර්තමාන පවුල් ජීවිතවල පැන නැගී ඇති ගැටුම් වලින් පැහැදිලි වේ. නිවසක සාමකාමී පැවැත්ම සම්බන්ධයෙන් බිරිඳකගේ වගකීම අතිශයින් වැදගත් වේ. තම ස්වාමියාගේ පවා යම් වැරැදි තිබේ නම් ඒවා නිවැරැදි කරගැනීමේ හැකියාව ඇය තුළ පවතී. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සත්තභරියා සූත්‍රයෙහි බිරින්දෑවරුන් හත්දෙනෙකු පිළිබඳ කරුණු දක්වා තිබේ. මෙම සූත්‍රය දේශනා කරන ලද්දේ අනේපිඬු සිටුවරයාගේ ලේලිය වු සුජාතා මූලික කරගෙනය. ධනවත් කුලයකින් පැමිණි ඇය තම ස්වාමි පුරුෂයාටත් අනේපිඬු සිටුවරයාටත් ඔහුගේ බිරිඳ වූ නැන්දනියටත් කිසිත් ගරුසරුවක් නැතිව හැසිරුණා. දිනක් බුදුරජාණන් වහන්සේ එම නිවසට වැඩමකළ අවස්ථාවේදීද කිසිදු ගරුසරුවක් නොමැතිව මහත් කලබල ඇතිකරමින් හැසිරුණා. ඇයගේ අසංවර හැසිරීම පිළිබඳ අනේපිඬු සිටුවරයා බුදුරජාණන් වහන්සේට කරුණු සැලකර සිටියේය.අනතුරුව සුජාතා ව කැඳවු උන්වහන්සේ ඇයට ‘සත්තභරියා සූත්‍රය’ දේශනා කළහ. එම සූත්‍රයට අනුව භාර්යාවෝ සත්දෙනෙකි.

වධක භාර්යාව

යම් බිරිඳක් ද්වේෂ සහගතව හැසිරේනම් ස්වාමියා කෙරෙහි හිතවත් බවක් නැත්නම් වෙනත් පුරුෂයන් කෙරෙහි ඇලුන සිතින් යුක්තව ක්‍රියාකරන්නී නම් ස්වාමියා නිතර වදයට පමුණුවන්නේ නම් ඇය වධක භාර්යාවකි. මෙවැනි හැසිරීම් සහිත බිරිඳ යුග ජීවිතය අඳුරු කිරීමට හේතුවන බව පැහැදිලිය. මෙම නපුරුගතිගුණ වලට වඩා එකිනෙකා කෙරෙහි පවතින ආදරය,සෙනෙහස,පි‍්‍රයශීලි බව යහපත් පවුල් ජීවිතයකට හේතුවේ.

චෞර භාර්යාව

කිසියම් භාර්යාවක් ස්වාමියා විසින් යම් කර්මාන්තයකින් හෝ ව්‍යාපාරයකින් උපයන ධනයෙන් සැපවත් ජීවිතයක් ගෙවමින් එම ධනයෙන් අල්පමාත්‍රවූ දෙයක් හෝ සොරකම් කරන්නේ නම් ඇය සොර බිරිඳක් වශයෙන් හැඳින්වේ. නිවසේ සියලු සම්පත්වල ආධිපත්‍ය ලබන කාන්තාව එම සම්පත් සොරකම් කරන්නී නම් එම පවුලේ ආර්ථික සමෘද්ධියක් ඇති නොවේ.

ආර්ය භාර්යා

යම් බිරිඳක් නිවසේ කිසිදු කටයුත්තක් නොකර අලසව කල්ගෙවමින් බොහෝ සෙයින් ආහාර පාන අනුභව කරමින් සැමියා කෙරෙහි පරුෂ වචන කියමින් ද්වේෂ සහගතව අධිපති ලීලාවෙන් කටයුතු කරන්නී නම් ඇය ආර්ය භාර්යාවකි. මෙවැනි බිරිඳක සිටින පුරුෂයෙකු කොතරම් උත්සාහයෙන් ධනය ඉපැයුවද එයින් ප්‍රයෝජනයක් නැත.

මෙම භාර්යාවන් තිදෙනාම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව යහපත් අය නොවේ. ඔවුන් තුළ සදාචාර ගුණ ධර්ම කිසිවක් නොමැත. මෙවැනි ගති ලක්‍ෂණවලින් යුත් කාන්තාවක් කොතෙකුත් දක්නට ලැබෙන අතර එවැනි කාන්තාවන් නිසා පවුල් ජීවිත බිඳ වැටී තිබෙන අයුරු නොයෙක් සාධක මගින් පැහැදිලි වේ. සප්තවිධ භාර්යාවන් අතුරෙන් ඉතිරි සිව්දෙනා බෞද්ධ ඉගැන්වීම අනුව අගැයීමට ලක්වේ. ඔවුන්ගේ් චර්යාවන් සැපවත් ගිහි ජීවිතයක් ගතකිරීම උදෙසා බෙහෙවින් ඉවහල් වේ.

මාතෘ භාර්යාව

මවක් දරුවන් ආරක්‍ෂා කරන්නාක් මෙන් යම් භාර්යාවක් තම ස්වාමියා කෙරෙහි හිතානුකම්පීව වාසය කරන්නී නම් ස්වාමියාගේ ධනය හොඳීන් ආරක්‍ෂා කරන්නීනම් එවැනි බිරිඳ මවක් වැනි තැනැත්තියෙකි. එවැනි භාර්යාව පවුලේ දියුණුවට නොමඳ සම්පතකි.

භගිනි භාර්යා

නැගණියක් තම දෙටු සොහොයුරා කෙරෙහි මෙන් තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගෞරවාන්විතව හැසිරෙමින් ඔහු කෙරෙහි සෙනෙහසින් වාසය කරන්නී නම් ඇය භගිනි භාර්යා නමින් හැඳින්වේ.

සඛී භාර්යාව

මිතුරියක් හා සමාන වූ බිරිඳ සඛී භාර්යාය. ඇය නිරන්තරයෙන්ම තම ස්වාමියා දැකීමෙන් ප්‍රමෝදයට පත්වෙයි. ඇය සිල්වත් වූ තැනැත්තියක් වන අතර ස්වාමියා කෙරෙහි මහත් භක්තියකින් ක්‍රියා කරන්නියකි. එවැනි ගති ලක්‍ෂණවලින් යුක්ත බිරිඳ ස්වාමියාට හොඳ යෙහෙළියකි.

දාසී භාර්යාව

ස්වාමියාගේ නපුරු වද බන්ධනවලට ලක්වෙමින් වුවද ඔහු කෙරෙහි වෛරයක් ඇති නොකරගෙන දාසියක මෙන් ඉත සිතින් ක්‍රියාත්මක වෙන බිරිඳ දාසී භාර්යාවයි. මෙම විවරණයට අනුව බිරිඳක් දාසියක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි යන අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් නොකරති. ස්වාමි භාර්යා යුතුකම පිළිබඳ දැක්වෙන කිසිදු සූත්‍ර දේශනාවක බිරිඳ ස්වාමියාට වඩා පහත් අයෙකුය යනුවෙන් කරුණු දැක්වීමක් සිදුකර නොමැත. එහෙත් සමාජ ජීවිතය පිළිබඳ කරුණු සොයාබැලීමේදී පැහැදිලි වන්නේ ස්වාමියාගෙන් ලැබෙන සියලු වද වේදනාවන් විඳ දරාගනිමින් දරුවන් වෙනුවෙන් කැපවුණු උදාර කාන්තාවන් සමාජයේ දකින්න ලැබෙන බවයි. බිරිඳකට අකාරුණිකව සැලකීම ස්වාමිපුරුෂයෙකුගේ යහපත් ගුණයක් වශයෙන් බුදුසමය කිසිසේත්ම අනුමත නොකරයි.

ඉහතින් දැක්වූ සත්ත භරියා සූත්‍රයට අනුව එවැනි ලක්‍ෂණ ඇති ස්වාමි පුරුෂයන්ද සිටින බව සැලකිය යුතුය. බුදුරජාණන් වහන්සේ එම සූත්‍රය උග්ගහ සිටුවරයාගේ දියණිවරුන්ට දේශනා කළ නිසා එහි භාර්යාවන් ගැන පමණක් දක්වා තිබේ. එම ලක්‍ෂණම ධර්මානුකූලව ස්වාමිපුරුෂයන්ටද ආරෝපණය කළහොත් ඔවුන් අතරද එකී ලක්‍ෂණ සහිත වධක, චෞර, ආර්ය යන අයහපත් ගති සහිත ස්වාමිපුරුෂයන් මෙන්ම පීතෘ, භාතෘ සඛී, දාසී යන යහපත් ගතිලක්‍ෂණ සහිත ස්වාමිපුරුෂයන්ද සිටින බව වටහා ගත හැකිය. මතට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයන් නිසා බිරින්දෑවරුන්ද බේබදු පියවරුන් නිසා දරුවන්ද විඳීන දුක්වේදනා අපමණය. පවුලේ සාමය හා අභිවෘද්ධිය දියුණුව විනාශ කරන මෙම පාප කර්මයට දැන් දැන් ඇතැම් කාන්තාවන්ද හුරුවී තිබීම කනගාටුදායකය.


ප්‍රායෝගික ජීවිතයට බුදුදහම - 03 සෙනෙහස රැඳි පසන් නිවස

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]