UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ගුණය භාවනාවට නංවන ක්‍රමය

සෝ භගවා ඉතිපි බුද්ධෝ

මෙම ලිපියෙහි තුන්වන කොටස අගෝස්තු 06 වන දින පත්‍රයේ පළ විය. අද පළවන්නේ එහි අවසන් කොටසයි

86. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මෝහය ක්‍ෂය කළ බැවින් මෝහක්ඛය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

87. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මතු උපකාර නැති බැවින් අනුප්පාද නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

88. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ පඤ්චස්කන්ධයාගේ පැවැත්මක් නැති බැවින් අප්පවත්ත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

89. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සංස්කාර නිමිති සටහන් නැති බැවින් අනිමිත්ත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

90. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ආශාවන් නොපිහිටි බැවින් අප්පණිහිත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

91. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ කිසිවක් නැති බැවින් සූඤ්ඤත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

92. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මතු උපත් ඇති කරන කර්‍ම රැස් නොකරන බැවින් අනායුහන නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

93. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ නැවත ප්‍රතිසන්ධියක් නැති බැවින් අප්පටිසන්ධි නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

94. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මතු විපාක පැවැත්මක් නැති බැවින් අනුප්පත්ති නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

95. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ කෙලෙස් කිළිටි නැති බැවින් අසංකිලිට්ඨ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

96. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සෙනෙහසින් සදහටම නිදහසක් ඇති බැවින් නිස්සරණ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

97. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ නැවත උපතක් නැති බැවින් අසමුප්පන්න නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

98. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සියලුම දුක්ඛ ධර්මයන්ගේ නිරෝධය බැවින් දුක්ඛ ධම්මානං නිරෝධ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

99. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සංස්කාරයන්ගේ සංසිඳීම ඇති බැවින් සංඛාරූප සමෝ සුඛෝ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

100. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ආශ්‍රම දහම වන බැවින් පර නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

101. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ රූපයක් නැති බැවින් අරූප නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

102. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ නොපෙනෙන මහා ප්‍රඥාව සැපතක් බැවින් අසංඛත ධාතු නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

103. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මාන්නයෙන් තොර බැවින් මදනිම්මද නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

104. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ තෘෂ්ණා පිපාසය නැති බැවින් පිපාස විනය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

105. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ පංචකාම ගුණ ආලය නැති කරන බැවින් ආලය සමුග්ඝාන නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

106. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය කර්ම, ක්ලේස, විපාක යන වට්ට තුන සිඳලන බැවින් වට්ටුපච්ඡේද නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

107. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ඝොරවිෂ රුදුරු සංසාරයේ නොපවතින බැවින් පවට්ට නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

108. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් නිබ්බාන ධාතු නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

109. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ බන්ධනාගාර දුකක් නැති බැවින් නිරෝධ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

110. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ පරම විවේකය බැවින් විවේක නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

111. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ රාගය නැති බැවින් වීතරාග නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

112. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ද්වේෂය නැති බැවින් වීතදෝස නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

113. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මෝහය නැති බැවින් වීත මෝහ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

114. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ලෞකික භාවයෙන් එතෙර වූ බැවින් ලෝකෝත්තර නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

115. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ උපද්‍රවයක් නැති බැවින් නිරුපද්‍රව නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

116. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ භයක් නැති බැවින් අභය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

117. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ මහා මිහිරක් බැවින් සාත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

118. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ඉතා පිරිසුදු බැවින් නිර්වාණය සුචි නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

119. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සියලු සුවඳින් සුවඳවත් වූ බැවින් සුගන්ධ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

120. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සෙලවිය නොහැකි බැවින් අචල නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

121. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සතුට ඇති බැවින් පීති නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

122. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය අවබෝධ කොට එය අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

123. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග සත්‍යයේ සම්මා දිට්ඨිය අවබෝධ කොට එය අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

124. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග සත්‍යයේ සම්මා සංකප්පය අවබෝධ කොට එය අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

125. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග සත්‍යයේ සම්මා වාචා අවබෝධ කොට එය අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

126. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග සත්‍යයේ සම්මා කම්මන්තය අවබෝධ කොට එය අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

127. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග සත්‍යයේ සම්මා ආජීවය අවබෝධ කොට වදාරා එය අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

128. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග සත්‍යයේ සම්මා වායාමය අවබෝධ කොට වදාරා එය අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

129. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග සත්‍යයේ සම්මා සතිය අවබෝධ කොට වදාරා එය අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.

130. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග සත්‍යයේ සම්මා සමාධිය අවබෝධ කොට වදාරා එය අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.


බුද්ධ බුදුගුණය භාවනාවට නංවන ක්‍රමය සෝ භගවා ඉතිපි බුද්ධෝ

 

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]