Print this Article


මහරැඹෑවැවේ පාලිත හිමියන් ලියූ බෞද්ධ ග්‍රන්ථය දොරට වැඩුම 6 වැනි දා

මහරැඹෑවැවේ පාලිත හිමියන් ලියූ බෞද්ධ ග්‍රන්ථය දොරට වැඩුම 6 වැනි දා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ හිටපු කථිකාචාර්ය මහනුවර අස්ගිරි මහාවිහාර මහ පිරිවෙනෙහි ආචාර්ය රාජකීය පණ්ඩිත මහරැඹෑවැවේ පාලිත හිමියන් ලියූ ‘මරණය අන්තරාභවය කර්මය හා පුනර්භවය’ බෞද්ධ ග්‍රන්ථය මේ මස 6 වැනිදා අස්ගිරි මහ පිරිවෙන් සම්මන්ත්‍රණ ශාලාවේදී දොරට වඩී.

මෙහි මුලසුන හොබවනු ලබන්නේ නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් විසිනි. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාවතගම පේමානන්ද නාහිමියෝ මෙහි ප්‍රධාන දෙසුම පවත්වති.

මහරගම, නාවින්න සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශනයක් වන මෙම කෘතියෙන් පෙර භවයේ ගති සිරිත්, පුනර්භව කථා, චුතිසිත, මනෝකාය, මරණාසන්න අත්දැකීම්, මරණින් මතු පැවැත්ම, අන්තරාභවය, කර්ම විපාක, එඩ්ගාකේසිගේ පුනර්භව පර්යේෂණ, අපායේ හා ස්වර්ගයේ තතු මෙන්ම බුද්ධ දේශනා රැසක් සරලව විග්‍රහ කෙරේ. බුදුසරණ පුවත්පතෙහි සතිපතා පළවුන මෙම ලිපි පෙළ බුදු දහමට හා නවීන විද්‍යාවට අනුව තුලනාත්මක ව ඉදිරිපත් කර ඇත.