Print this Article


චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක පදවිය

චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක පදවිය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ අභිනව මහානායක පදවිය සඳහා පත් වී ඇති කෑගල්ල ගන්තුන උල්ගල පුරාණ විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි මහා නාහිමියන් වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ මහෝත්සවය සැප්තැම්බර් 08 වන දා පැවැත්වේ.

ඒ පිළිබඳව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අග්ගමහ පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද, කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් ද මේ මස 08 වැනි දා පස්වරු 3.00 ට කෑගල්ල නගරසභා ශාලාවේ දී පැවැත්වේ. එම අවස්ථාව සඳහා සම්භාවනීය පූජනීය මහ සඟරුවන ඇතුළු මැති ඇමැතිවරු සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වේ.