Print this Article


අඟුලාන ආනන්දබෝධි විහාරය

අඟුලාන ආනන්දබෝධි විහාරය

මොරටුව අඟුලාන උඩුමුල්ල ශ්‍රී ආනන්දබෝධි විහාරයෙහි අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යයෙහි කොත් වහන්සේ නිරාවරණය කොට සසුනට පිදීම වෙනුවෙන් මේ මස 5 වැනි දා සිට 08 වැනි දා දක්වා පින්කම් පැවැත්වේ.

05 වැනි දා දකුණු රත්මලාන ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයෙන් ආරම්භ කරනු ලබන කොත් වහන්සේ හා නව සෑරදුන් තුළ තැන්පත් කරනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රැගත් පෙරහර ප්‍රදේශයෙහි වීදි සංචාරය කිරීමට නියමිත ය.

6 වැනිදා පෙරවරුවේදී කොත් වහන්සේ පැළඳවීම හා ශ්‍රී සර්වඥ ධාතු තැන්පත් කිරීම සිදු කරන අතර එදින සවස 6.30 ට මරදාන පධානඝර ධර්මදූත පරිවේණාධිපති ශාස්ත්‍රපති සුද්දැල්ලාවේ සද්ධාතිස්ස හිමියන් විසින් මෙහෙයවනු ලබන විශේෂ බෝධි පූජාවද රාත්‍රී 9 ට වෙහෙරහේන රාජමහා විහාරාධිකාරී ගාලු හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක මාපලගම බුද්ධසිරි නා හිමියන්ගේ මූලිකත්වයෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනය ද පැවැත්වේ.

7 වැනිදා සවස 6.30ට විශේෂ ආශිර්වාද පූජාව හා 8 වැනිදා සවස 2.10 ට නව සෑ රදුන්ගේ කොත නිරාවරණය කිරීම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙහි කුලපති, කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමියන්ගේ විසින් සිදු කෙරේ. අනතුරුව තිස්සමහාරාම නැදිගම්විල විල්පිට රාජමහා විහාරාධිපති උයන්වත්තේ ශ්‍රී සද්ධාරාමාභිධාන අනු නා හිමියන්ගේ මූලාසනයෙන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සව පැවැත්වෙන බව විහාරාධිපති හේනේගම අමරනන්ද හිමියෝ දන්වා සිටිති.