UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අව අටවක 2013 අගොස්තු 28 වන දා

මෙලොව පරලොව

ගොවිතැන, වෙළෙදාම, ගවපාලනය හෝ සුදුසු රැකියාවක නිරතවීම මෙන්ම එම කටයුතු කෙරෙහි අලස නොවී එම කටයුතු ඉතා සුපරීක්ෂාවෙන් සිදු කරන්නේ නම් හෝ එය කරවීම සඳහා සමත් වේ නම් එසේ ගන්නා උත්සාහය උට්ඨාන සම්පදාවය.

දෑතේ සවි ශක්තියෙන් ඩහදිය වගුරුවා දැහැමිව උපයා ගත් ධනය විනාශ වී යාමට ඉඩ නොහැර ආරක්ෂා කරන්නේ නම් එය ආරක්ඛ සම්පදාවයි.

එමෙන්ම වයසින් තමාට වඩා වැඩි හෝ අඩු ශ්‍රද්ධාවෙන් සහ සිල්වත් හා ගුණවත් බවෙන් යුතු උතුමන් හා එක්ව කටයුතු කරන්නේ නම් එමෙන් ම ඔවුන් අනුවම ඒ සැදැහැ ගුණ වර්ධනය කරන්නේ නම් මෙසේ වූ යහපත් ඇසුර කල්‍යාණ මිත්‍රතාවයයි.

තමන් වෙත ලැබෙන ආදායමත්, වියදමත් විමසා බලමින් ආදායමට වඩා අඩු වැයෙන් තම ජීවිතය පවත්වා ගෙන යාමට උත්සාහ කරන්නේද එය සමජීවිකතාවය.

මෙසේ ඉහත දක්වන ලද අයුරෙන් උපයා, සපයා ගන්නා ධනය විනාශයට පත්වන දොරටු හතරක් පිළිබඳව ධර්මයෙහි සඳහන් වේ.

ධනය විනාශයට පත්වන දොරටු වසා තැබීමට ක්‍රියා කිරීම බුද්ධිමත්ව කළ යුත්තකි.

වැවකට, විලකට, සිව් දෙසින් ගලා එන ජල දහරාවන් පිටතට ගලා බසින දොර කවුළු වසා තැබීමෙන් වැසි දිය ද එක්වී ඒ විල හෝ වැව නිරන්තරයෙන් ජලයෙන් පිරී පවතී.

එමෙන්ම වැවකට , විලකට ජලය ගලා එන දොරටු විවෘතව නොතැබීමෙන් ජලය පිටතට ගලායන දොරටු විවෘතව තැබීමෙන්ද ඒ වැවෙහි හෝ විලෙහි ජලය රදා පවතිනු නොලැබේ.

පුද්ගලයාගේ පරලොව, දියුණුවට ද බෙහෙවින් ම ඉවහල් වන කරුණු සතරකි. එය උදාර සම්පතක් ද වේ. එනම්, ශ්‍රද්ධා, සීල හා ත්‍යාග සහ ප්‍රඥා යන සම්පත්ය.

තථාගත අමා මෑණි බුදුපියාණන් වහන්සේ ගේ අසිරිමත් බුදු ගුණ ගැන සිතා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහිම ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම මහත් සම්පතකි. සැනසිල්ලකි.

යම් තැනැත්තකු හට පස්පවින් වැළකී කටයුතු කළ හැකි නම් ඒ සීල සම්පත්තියයි.

මසුරු බව දුරු කර පරිත්‍යාගයෙහි හෙවත් පිරිනැමීමෙහි යෙදිය හැකි නම් ඒ ත්‍යාගවත් බව ත්‍යාග සම්පතයි.

ලොව පවතින සියල්ල හැදෙන හා නැසෙන ආකාරය දැන අවිදු අඳුර දුරළීමට උතුම් නුවණින් යුක්ත නම් එසේ නුවණ ඇති බව ප්‍රඥා සම්පත්තියයි.එම සතර කරුණු පුද්ගලයාගේ පරලොව යහපත උදාකරවයි.

මෙලොව සහ පරලොව ගැන විශ්වාස කරන බෞද්ධ ජනතාව හැම විට බුදුපියාණන් වහන්සේගේ අනුශාසනාව අනුව දිවි ගෙවීමට මහන්සි ගන්නා විට ඒ මිනිස් ජීවිතය මෙලොව ඉතා සැනසීමෙන් ගත කරනු ඇත. එමෙන්ම පරලොව ජීවිතය ද වාසනාවන්තව ගත කළ හැකි වේ.

උත්සාහය අතහැර කටයුතු කරන අලස ජීවිතය මෙලොව දියුණුවක් ලද නොහැකිය.

වෙසෙසින්ම කුඩා දරුවකුව ජීවිතය ගත කරන සමයේ අධ්‍යාපනයෙන් ලබන දැනුමෙන් තරග විභාගාදියට සාර්ථකව මුහුණදීමට නම් උත්සාහය අත්‍යාවශ්‍යය. එසේ නොවුවහොත් තම ජීවිතයට අධ්‍යාපනයෙන් ලද හැකි විපුල ප්‍රයෝජන උදාකර ගත නොහැකිවේ.

කුඩා කළ පමණක් නොව තරුණ, වියපත් යන කවර ජීවිතයකට වුවද උත්සාහය නොතිබුණහොත් තම අපේක්‍ෂා බලාපොරොත්තු වර්ධනය කරගත හැකි නොවේ.

එබැවින් ඉහත දැක්වූ පරිදි උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සහ සමජීවිකතා යන උදාර ගුණාංග තම ජීවිතයට ළඟා කර ගැනීමෙන් ජීවිතය මේ ලෝකය වශයෙන් ඉතා සාර්ථකව ගත කළ හැකි බව සම්බුදු දහමට අනුව පෙන්වා දෙයි.

එසේ තම දිවි පෙවෙත මෙලොව වශයෙන් සාර්ථක කර ගන්නා අතරම පරලොව වශයෙන්ද වාසනාවන්ත සාර්ථක ජීවිතයක් ගත කළ යුතුයැයි කල්පනා කරන්නේ නම් සම්බුදු දහමට අනුව ක්‍රියා කිරීමට උත්සාහ කළ යුතු වේ.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]