Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් තරුණි පාඨකයකු වෙත තිළිණ කළ දඹදිව චාරිකාව ජයග්‍රහණය සීගිරිය ඉනාමළුව රොටවැවේ වලිමුනි චන්ද්‍රානි මැන්දිස් අබේසේකර මහත්මිය හිමිකර ගෙන ඇත. පුරා දෙසතියක් වන එම චාරිකාව සඳහා ඇයට හිමි ගුවන් ප්‍රවේශ පත්‍රය බන්දුල පද්මකුමාර මහතා තිළිණ කළ අවස්ථාව.

බෙන්තර හේමපතිරණගේ පද්මසිරි මහතා පසුගිය පුන් පොහෝ දා “බුදුසරණ” පත්‍ර 500 ක් ධර්මදානය සඳහා බෙදා දෙන ලදී. කයිකාවල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී විහාරාධිපති, බෝපිටියේ විජිත නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත “බුදුසරණ” පත්‍ර පූජා කිරීමෙන් පසු පෙහෙවස් සමාදන් වූ උපාසක උපාසිකාවනට “බුදුසරණ” පත්‍ර බෙදාදීම සිදු කෙරිණි. අනතුරුව ගෝනගල ශ්‍රී සුධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ දී ද “බුදුසරණ” පත්‍ර බෙදා දුන් අවස්ථාවට විහාරාධිපති ගලගෙදර පඤ්ඤාසාර හිමියෝ ද සහභාගි වූහ. වෛද්‍යාචාර්ය පද්මසිරි මහතා මීට පෙර මාසවල ද “බුදුසරණ” පත්‍ර 500 ක් බැගින් බෙදා දුන් අතර, ඉදිරියේ දී පත්‍ර 1000 ක් බෙදා දීමට කටයුතු යොදන බවද පැවසීය.
ඉඳුරුව සමූහ – ඇම්.පී. මුනිදාස

 කහතුඩුවේ ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ දියුණුව උදෙසා ‘බුදුසරණ’ පත්‍රයේ හිටපු කර්තෘ සාම විනිසුරු ප්‍රේමසිරි අබේසිංහ මහතා කළ ශාසනික සේවය අගයමින් එහි දායක සභාව විසින් සංවිධානය කරන ලද උපහාර උත්සව සභාවක් හා ආශිර්වාද බෝධි පූජාවක් එම විහාරස්ථානයේදී පැවැත්විණි. එහිදී එම දායක සභාවේ ලේකම් හේමන්ත පෙරේරා මහතා උපහාර තිළිණයක් අබේසිංහ මහතාට පිරිනැමූ අයුරු.